Skip to content

ප්‍රශ්න අංක 33: මෙම නම් පැහැදිලි කරන්න?

الباب / الفصل
قسم العقيدة

السؤال

س33: اشرح هذه الأسماء.

ප්‍රශ්න අංක 33: මෙම නම් පැහැදිලි කරන්න?

الجواب

ج:الله: ومعناه الإله المعبود بحق، وحده لا شريك له.

  • الرب: أي الخالق والمالك الرازق والمدبر وحده سُبْحَانَهُ.
  • السميع: الذي وسع سمعه كل شيء، ويسمع كل الأصوات على اختلافها وتنوعها.
  • البصير: الذي يرى كل شيء، ويبصر كل شيء صغر أو كبر.
  • العليم: فهو الذي أحاط علمه بكل شيء بالماضي والحاضر والمستقبل.
  • الرحمن: الذي وسعت رحمته كل مخلوق وحي، فكل العباد والمخلوقات تحت رحمته.
  • الرزاق: الذي عليه رزق جميع المخلوقات من الإنس والجن وجميع الدواب.
  • الحي: الحي الذي لا يموت، وكل الخلق يموتون.
  • العظيم: الذي له الكمال كله والعظمة كلها في أسمائه وصفاته وأفعاله.
  • الحكيم: الذي أحكم خلقه، وأتقنه، وأحسنه، وله الحكمة في خلقه وأمره.
  • والحكمة: وضع الأشياء مواضعها، وتنزيلها منازلها.

පිළිතුර - අල්ලාහ් : එහි තේරුම ඔහු සැබැවින්ම වන්දනාමානය කිරීමට සුදුස්සා ය, ඔහු (අල්ලාහ්) ඒකීයය, ඔහුට ආදේශ කිරීමෙහි ලා කිසිවෙකු නැත.

පරමාධිපතියාණන් : එනම් මැවුම්කරු, සියල්ලෙහි හිමිකරු, පෝෂණය කරන්නා සහ සියල්ල හසුරවන්නා ඔහු පමණකි.

සියල්ල අසන්නා : ඔහුගේ ශ්‍රවණය සෑම දෙයකින්ම පුළුල්ය, ඔහුට විවිධ සහ වෙනස් වූ යිසළු හඬ ඇසේ.

සියල්ල දකින්නා: කුඩා හෝ විශාල වුවත් සියල්ල දකින සහ සියල්ල බලන තැනැත්තාය.

සර්වඥයා: අතීතය, වර්තමානය සහ අනාගතය යන සෑම දෙයක් පිළිබඳව දැනුම ඇති තැනැත්තා ඔහුය.

දයානුකම්පිත: අල්ලාහ්ගේ දයාව සෑම ජීවියෙකුම වෙත විහිදෙන අතර, සියලු ගැත්තන්, මැවීම් සහ ජීවීන් ඔහුගේ දයාවට යටත් වේ.

පෝෂණය කරන්නා: මිනිසුන්, ජින් සහ සියලුම සතුන් ඇතුළු සියලුම ජීවීන් සඳහා පෝෂණය සපයන තැනැත්තා ඔහුය.

  • ජීවමාන තැනැත්තා : ජීවමාන තැනැත්තාවූ අල්ලාහ් මිය නොයන අතර අන් සියලු මැවිලි මිය යන්නේය.

ශ්‍රේෂ්ඨ වන්තයා: ඔහුගේ අලංකාර නම්, ගුණාංග සහ ක්‍රියාවන් තුළ සියලු පරිපූර්ණත්වයකින් සහ අති ශ්‍රේෂ්ඨත්වයකින් යුතු තැනැත්තාය.

ප්‍රඥාවන්ත: ඔහුගේ නිර්මානයන් සඳහා ප්‍රඥාව ලබා දී ඒවා ප්‍රගුණ කර, ඒවා අලංකාර කළ මහා ප්‍රඥාවන්තයා ඔහුය. තම මැවීමෙහිද, අණදීමෙහිද ප්‍රඥාව ඇත්තේ ඔහු සතුව ය.

  • තවද ප්‍රඥාව වනුයේ: සියලු වස්තූන් ඒවාට අදාළ ස්ථානයන්හි තැබීම හා ඒවාට අදාළ ස්ථාවරයන්හි පිහිටුවීමය.