අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."
«يَقْبِضُ اللَّهُ الأَرْضَ، وَيَطْوِي السَّمَوَاتِ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ: أَنَا المَلِكُ، أَيْنَ مُلُوكُ الأَرْضِ».
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පෘථිවිය අල්ලා එය එක්රැස් කරයි. තම දකුණතින් අහස් තුනී කර එය එකිනෙක මත තබා ඔතයි. ඒ සමගම එය පහ වී ගොස් විනාශ වී යයි. පසුව "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි.
...:
සැබැවින්ම අල්ලාහ්ගේ රාජ්‍යය සදා පවතින බවත් එය හැර සෙසු රාජ්‍යයන් අහෝසි වී යන බවත් සිහිපත් කිරීම.
අල්ලාහ්ගේ කීර්තිය, ඔහුගේ බලයේ හා ආධිපත්‍යයේ සර්වබලධාරිත්වය හා ඔහුගේ රාජ්‍යයේ පූර්ණත්වය.
සහීහුුල් බුහාරි (6/ 126) (4812).
සහීහ් මුස්ලිම් (4/ 2148) (2787).
තවත් බලන්න (3)
فتح الباري (13/367).
عمدة القاري شرح صحيح البخاري (23/ 101).
البحر المحيط الثجاج (43/324).