عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (11)
"සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක්, "අල්ලාහ්ගේ නබි තුමනි! කාෆිර් (දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?” යැයි විමසූහ. කතාදා තුමා: 'අපගේ පරමාධිපතිගේ බලයෙන් එසේය.' යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم
(හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළේය. “නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: "යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි. එසේ මම ඔහුව ප්රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්රවණයත්, ඔහු දකින ඔහුගේ බැල්මත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් රැකවරණය පතන්නේ නම්, සැබැවින්ම මම ඔහුට රැකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා ඔහුට හානි ඇති වීම ගැන මම පිළිකුල් කරන බැවිණි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ප්රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.