Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 21 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
ඔබ අතරින් මා වෙත පැමිණෙනුයේ කවුරුන් දැයි එම ජල තටාකය මතට වී මම බලාපොරොත්තුවෙන් සිටින්නෙමි. මා සමීපයෙන්ම මිනිසුන් පිරිසක් ග්‍රහණය කරනු ලැබේ. එවිට මම "අහෝ පරමාධිපතියාණනි (ඔවුන්) මගෙන් මෙන්ම මාගේ සමූහයා අතරිනි" යැයි පවසමි. එවිට "ඔබෙන් පසු ඔවුන් සිදු කළ දෑ ඔබ දන්නෙහි ද? අල්ලාහ් මත දිවුරා පවසමි ඔවුන් ඔවුන්ගේ විළුඹ පසුපසින් නැවත හැරී යමින් ම සිටියෝය" යැයි පවසනු ලැබේ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ බිලාල්! බලාපොරොත්තු සහගතව ඔබ ඉස්ලාමයේ කවර ක්‍රියාවක් කර තිබේ ද? සැබැවින්ම ස්වර් ගයේ මා ඉදිරියෙන් ඔබ තබන ඔබේ පාවහන් දෙකෙහි හඬ මට ඇසුණි" යැයි පැවසුහ. බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා: 'බලාපොරොත්තු සහගතව සිදු කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නොවීය. නමුත් සැබැවින්ම මම රාත්‍රියේ හෝ දහවලේ හෝරාවක පිරිසිදු කරගත්තේ නම්, එම පිරිසිදුභාවයෙන්ම මට ඉටු කිරීමට නියම කළ සලාතය ඉටු කළෙමි' යැයි පැවසීය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ස්වර්ගයේ සිය ගණනක් තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර ප්‍රමාණය අහස හා පොළොව අතර ප්‍රමාණය මෙනි. ඒවා අතරින් උසස්ම තරාතිරම වනුයේ ෆිර්දව්ස් ය. ඉන් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසිනු ඇත. ඊට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත. ඔවුන් මුත්‍රා කරන්නේ නැත; මළපහ කරන්නේ නැත; කෙළ ගසන්නේ නැත; හෝ නාසයේ ස්රාවය ඉවත හෙළන්නේ නැත. ඔවුන්ගේ පනා රන්වන් ය. ඔවුන්ගේ දහඩිය කස්තුරි ය. සුවඳ දුම් දග්වන උදුනෙන් වඩාත් සුවඳැති සුවඳ දුම් පතුරුවා හරිනු ලැබේ. ඔවුන්ගේ භාර්යාවන් හූරුන් ඊන් (දැකුම් කළු ලලනාවන්) වෙති. එකම මිනිසකුගේ ස්වරූපයෙන් ඔවුන් සිටිනු ඇත. අහසට විහිදෙන රියන් හැටක් උසින් යුත් ඔවුන්ගේ පියා ආදම්ට සමාන වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.