Skip to content

මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.

سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ الْجَنَّةَ، فَقَالَ: «تَقْوَى اللهِ وَحُسْنُ الْخُلُقِ»، وَسُئِلَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ النَّارَ فَقَالَ: «الْفَمُ وَالْفَرْجُ».

මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි.
විවරණය

ස්වර්ගයට ඇතුළත් කරන අති වැදගත් සාධක දෙකක් මෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඒා නම්: අල්ලාහ් පිළිබඳ භක්තිය හා යහපක් සදාචාරය. අල්ලාහ් කෙරෙහි භක්තිය: එනම් ඔබ අතර හා අල්ලාහ්ගේ දඬුවම අතර ඔබ සලසා ගන්නා ආරක්ෂාවයි. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් සිදු වන්නේය. යහපත් සදාචාරය: එය සිනහමුසු මුහුණින්, යහපත සිදු කිරීමෙන් හා හානිය වැළැක්වීමෙන් සිදු වන්නේය. අපා ගින්නට පිවිසීමට හේතුවන බරපතල සාධක දෙක වනුයේ: දිව හා ලිංගේන්ද්‍රියයි. දිවෙන් සිදුවන පාපකම් වනුයේ: බොරුකීම, කෙළ්ම කීම, දොස් නැගීම වැනි දෑය. ලිංගෙන්ද්‍රියෙන් සිදුවන පාපකම් වනුයේ: කාම අපචාරය, සම ලිංගික සේවනය හා එවැනි වෙනත් දෑ.

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්වර්ගටය පිවිසීම සඳහා උත්තරීතර අල්ලාහ් සමඟ බැඳෙන හේතු සාධක ඇත. ඒ අතරින් භක්තිය හා ශ්‍රද්ධාව එකකි. එමෙන්ම මිනිසුන් සමග බැඳෙන හේතු සාධක ද ඇත. ඒ අතරින් යහපත් සදාචාරය ද එකකි.

දිව, එහි හිමිකරුට එමගින් බලපාන අනතුර. සැබැවින්ම එය අපා ගින්නට පිවිසීමේ හේතු සාධකයක් වනු ඇත.

ආශාවන් හා අශීලාචාර දැයින් මිනිසාට ඇති අනතුර. සැබැවින්ම ඒවා අපා ගින්නට පිවිසීමට අධික ලෙස බලපාන සාධක වෙති.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (3/ 536) (2004).

සුනන් ඉබ්නු මාජහ් (5/ 318) (4246).

මුස්නද් අහ්මද් (13/ 287) (7907).

තවත් බලන්න (8)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 509).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 369).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 453).

سبل السلام بشرح بلوغ المرام.

للصنعاني (2/ 696).