Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 14 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා පවතින්නේ ද ඔහු කුහකයකු වේ. ඒවා අතරින් එක් කරුණක් පමණක් පවතින්නේ ද, එය ඔහු අත් හරින තෙක් කුහකත්වයේ එක් කරුණක් ඔහු තුළ පවතී. ඔහු වනාහි: කතා කළ විට බොරු කියයි. පොරොන්දු දුන් විට කඩ කරයි. වාද කළ විට දුෂ්ටකම් කරයි. ගිවිස ගත් විට උල්ලංඝණය කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තුන්දෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත. කාමයේ වරදවා හැසිරෙන වැඩිහිටි කාමාතුරයා, මුදල් නොමැති පුරසාරම් දොඩන අහංකාර දුප්පතා හා අල්ලාහ් ඔහුට භාණ්ඩ ලබා දී පසුව ඔහු දිවුරීමෙන් මිස ව්‍යාපාරය නොකරන; දිවුරීමෙන් මිස මිල දී නොගන්නා තැනැත්තා."
පූර්ව සාධක සහිත හදීසයකි. තබරානී එය වාර්තා කර ඇත.
"සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි. සැබැවින්ම සුළු පාපයන් වනාහි මිටියාවතක් මධ්‍යයේ ගොඩ බසින පිරිසක් මෙනි. ඇතැමුන් කෝටු සමග පැමිණෙයි. තවත් ඇතැමුන් ද කෝටු සමග පැමිණෙයි. අවසානයේ එමගින් ඔවුන්ගේ රොටි පිළියෙල කර ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, කවර අවස්ථාවක අදාළ පුද්ගලයා එමගින් ග්‍රහණය කරනු ලබන්නේ ද එය ඔහුව විනාශ කර දමනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එතුමා, "ඔබ ඔබේ ධනය ඔහුට නොදිය යුතුයි." යැයි පැවසූහ. ඔහු, "මා සමග අරගල කරන්නට වූයේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමා, "ඔබ ද ඔහු සමග අරගල කළ යුතුයි" යැයි කීහ. "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එවිට, "ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි ඔහු විමසුවේය. "ඔහු නිරයට අයත් කෙනෙකු වේ" යැයි එතුමාණෝ පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.” මම: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කුමක් ද?’ යැයි විමසා සිටියෙමි. එතුමා: “සැබැවින් ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අපේක්ෂාවෙන් පසු විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් විය. ඔහු කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේය. මිය යන තෙක්ම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි. එවිට මම: "අහෝ ජිබ්රිල්! මොවුන් කවුරුන්ද?" යැයි ඇසුවෙමි. හෙතෙම: 'මොවුන් මිනිසුන්ගේ මස් අනුභව කරමින් සිටි එනම් ඔවුන්ට අපහාස කරමින් සිටි උදවිය වේ." යැයි පැවසීය.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.