සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවාරයක් බැගින් වුළූ ගත්හ
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවාරයක් බැගින් වුළූ ගත්හ.
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مَرَّتَيْنِ مَرَّتَيْنِ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වාර දෙකක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වාර දෙකක් බැගින් සෝදයි.
...:
වුළූ හි අවයව වරක් බැගින් සේදීම අනිවාර්යය වේ. ඊට අමතරව කිරීම සතුටුදායක වේ.
ඇතැම් අවස්ථාවල දොවාරයක් බැගින් වුළූ දෝවනය කිරීම ආගමානුගත කරනු ලැබ ඇත.
හිස මස්හ් කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමැදීම ද එක් වරක් පමණක් ආගමානුගත කරනු ලැබූවකි.
සහීහුුල් බුහාරි (1/ 43) (158).
තවත් බලන්න (1)
إرشاد الساري لشرح صحيح البخاري (1/ 244).