Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 19 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය."
පූර්ව සාධක සහිත හදීසයකි. පළමු හදීසය මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර, දෙවන හදීසය අහ්මද් සහ දාරිමී විසින් වාර්තා කර ඇත.
"උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" ඔවුහු: "එසේය" යැයි පැවසූවෝය. එතුමාණෝ : "එකිනෙකා අතර සාමය ඇති කිරීමය. මක්නිසාද යත් එකිනෙකා අතර පවතින සබඳතා පළුඳු කිරීම සැබවින්ම හාලිකා (විනාශය) වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
“ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. "එසේ වී නම්" ෂෙයිතාන්ගේ ක්‍රියාව ඔබ විවෘත කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.” මම: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කුමක් ද?’ යැයි විමසා සිටියෙමි. එතුමා: “සැබැවින් ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අපේක්ෂාවෙන් පසු විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.