Skip to content

“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”

අබ්දුල්ලාහ් ඉබ්නු මාලික් ඉබ්නු බුහෙයිනා (රළියල්ලාහු අන්හුම්) විසින් වාර්තා කරන ලදී:

“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”

أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සජදා කරන විට එහි දී තම අත් අතර හිඩැස් තබා ගනී. සෑම අතක්ම එයට පරව ඇති ඇළපතින් අත්තටු දෙකක් මෙන් ඈත් කර කිහිලි දෙකෙහි හමේ පැහැය පෙනෙන තරමට දුරස් කර තබා ගනියි. මෙය අත් විහිදුවා තබා ගැනීමේ සහ ඔහුගේ ඇළපැතිවලින් ඒ දෙක ඈත් කර ගැනීමේ අතිශයෝක්තියකි.

හදීසයෙන් උගත හැකි පාඩම්

සජදා ඉරියව්වෙහි මෙම ක්‍රමය පිළිපැදීම සඳහා කැමැත්ත ඇති කිරීම. එනම් තම ඇළපත් දෙකින් තම බාහු දෙක දුරස්කර තබා ගැනීමය.

සමූහ සලාතය පිළිපදින මඃමූම්වරයා එසේ දුරස් කර තබා ගැනීමෙන් තම අසළ සිටින්නා පීඩාවට පත් නොකළ යුතුය. එය ඔහුට ආගමානුගත කරනු නොලැබූවකි.

සජදා ඉරියව්වෙහි දෑත් දුරස්කොට තබා ගැනීමේ දී හේතු වූ ප්‍රඥාවක් හා බොහෝ ප්‍රයෝජන ඇත. ඒ අතරින්: සලාතයේ උනන්දුව හා කැමැත්ත පෙන්වීම ද එකකි. සැබැවින්ම සජදාවෙහි සෑම ඉරියව්වක්ම අනෙක් ඉරියව්ව මත දරා ඇති විටෙක ඒ සෑම ඉරියව්වකම නැමදුමේ අයිතිය පැහැර හරිනු ඇත. එමෙන්ම නිහතමානිකම පෙන්වීම ද එහි ප්‍රඥාවක් බව සඳහන් වේ. නළල හා නාසය පොළව මත නිසි අයුරින් තබන්නට වඩාත් සමීපතම ක්‍රමය එයයි. එමෙන්ම සෑම ඉරියව්වක්ම වෙන් වෙන් කර තබා ගැනීම ද තවදුරටත් ඉන් අදහස් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 87) (390).

සහීහ් මුස්ලිම් (1/ 356) (495).

තවත් බලන්න (6)

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص162).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (2/ 207).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 134).