Skip to content

ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයිදුල්ලාහ් ඉබ්නු මිහ්සන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."

«مَنْ أَصْبَحَ مِنْكُمْ مُعَافى فِي جَسَدِهِ، آمِنًا فِي سِرْبِهِ، عِنْدَهُ قُوتُ يَوْمِهِ، فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا».

මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

අහෝ මුස්ලිම්වරුනි! ඔබ අතරින් කවරෙකු හෝ ඔහුගේ ශරීරයේ ලෙඩ රෝගවලින් තොර ව නීරෝගීව හා ඔහුගේ පවුල තුළ, ඔහුගේ දරුවන් තුළ, ඔහු යන එන මාර්ගයේ කිසිදු බියකින් තොරව ආරක්ෂිතව ඔහු අවදි වී, ඔහු සතුව දෛනික අනුමත ආහාරවේල ලබා ඇත්තේ ද එය ඔහුට මොලොව මුළුමණින්ම ඒකරාශී කර දෙනු ලැබුවාක් මෙනි.

හදීසයෙන් උගත හැකි පාඩම්

නිරෝගීකම, ආරක්ෂාව හා පෝෂණය යනාදී අත්‍යවශ්‍ය කරුණු සඳහා මිනිසාගේ අවශ්‍යතාව පැහැදිලි කිරීම.

උත්තරීතර අල්ලාහ් තමන්ට ලබා දුන් මෙම ආශිර්වාදය සඳහා ඔහුට ප්‍රශංසා කිරීම ගැත්තා සතු වගකීමකි.

මෙලොව ජීවිතයේ සෑහීමට පත්ව සරල ලෙස ජීවත් වීමට දිරිගැන්වීම.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (4/ 167) (2346).

සුනන් ඉබ්නු මාජහ් (5/ 253) (4141).

තවත් බලන්න (4)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 570).

التنوير شرح الجامع الصغير.

لمحمد الصنعاني (10/ 110).