Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 7 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය" යන (අත්-තකාසුර්: 8) පාඨය පහළ වූ කල්හි, සුබෙයිර්: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි කවර සැප පහසුකමක් ගැන විමසනු ලබන්නෙමු ද? ඉඳි සහ ජලය යන අල්ප කරුණු දෙක පිළිබඳවත් දැ?"යි විමසීය. එතුමාණෝ සැබැවින්ම "එය එසේම වනු ඇත." යැයි පැවසූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ් සහ වෙනත් අය විසින් යහපත් වාර්තා දාමයන්ගෙන් වාර්තා කොට ඇත.
"මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.