Skip to content

අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."

«يقالُ لصاحبِ القرآن: اقرَأ وارتَقِ، ورتِّل كما كُنْتَ ترتِّل في الدُنيا، فإن منزِلَكَ عندَ آخرِ آية تقرؤها».

මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දෑ අනුව ක්‍රියා කරන, එය කියවමින් හා කටපාඩම් කරමින් පිළිපදින්නාට මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරාතිරම්හි උසස්භාවය ලබන්න. මෙලොවෙහි ඔබ රාගිකව හා තැන්පත්ව අල් කුර්ආනය තාලයට කියෙව්වාක් මෙන් තාලයට කියවන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසානයයි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ප්‍රතිඵල ක්‍රියාවන්හි ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව පිහිටයි.

අල් කුර්ආනය කියවීම, එය විධිමත් ව පිළිපැදීම, එය ආරක්ෂා කිරීම, එය පරිශීලනය කිරීම හා ඒ අනුව ක්‍රියා කිරීම සඳහා දිරි ගැන්වීම.

ස්වර්ගයෙහි නවාතැන් හා බොහෝ තරාතිරම් ඇත. මෙහි දී අල් කුර්ආන් වාසියා උසස්ම නිලයන් ලබනු ඇත.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 592) (1464).

සුනන් අත් තිර්මිදි (5/ 35) (2914).

මුස්නද් අහ්මද් (11/ 403) (6799).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (7/ 272) (8002).

තවත් බලන්න (3)

معالم السنن (1/290).

تحفة الأحوذي (8/187).

عون المعبود وحاشية ابن القيم (4/ 237).