Skip to content

“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ උනන්දු වූ බවත්, සෑම කාලයකම සෑම ස්ථානයකම හා සෑම තත්ත්වයකම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරමින් සිටි බවත්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑනියන් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැනුම් දෙයි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා සුළු කිලිටි හා මහා කිලිටිවලින් පිරිසිදුව සිටිය යුතුයි යන කොන්දේසියක් නියම වන්නේ නැත.

උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අඛණ්ඩව බැඳී සිටියහ.

වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කර ගැනීම වැනි දික්ර් කිරීමෙන් වැළකී සිටිය යුතු අවස්ථාවන්හි හැර, සෙසු සියලුම අවස්ථාවන්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපදිමින් උත්තරීතර අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීම සඳහා දිරි ගැන්වීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 282) (373).

සහීහුුල් බුහාරි (1/ 68).

(1/ 129).

තවත් බලන්න (6)

توضيح الأحكام مِن بلوغ المرام.

للبسام (1/ 315).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (1/ 273).

مجموع فتاوى ومقالات.

لابن باز (26/ 17).