Skip to content

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" යන පාඨය පහළ වන තෙක් සූරාව වෙන්කර හඳුනා ගත නොහැකි විය

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" යන පාඨය පහළ වන තෙක් සූරාව වෙන්කර හඳුනා ගත නොහැකි විය."

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَليهِ وَسَلَّمَ لا يَعْرِفُ فَصْلَ السُّورةِ حَتَّى تَنْزِلَ عَليْهِ {بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ}.

අබූ දාවූද් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම අල් කුර්ආනයේ සූරාවන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වෙමින් පැවතිණි. නමුත් එහි වෙන් කිරීම හා එහි අවසානය එතුමාණන් වෙත "බිස්මිල්ලාහි-ර් රහ්මානි-ර් රහීම්" යන පාඨය පහළ වන තෙක් දැන ගත්තේ නැත. පසුව පෙර සූරාව අවසන් වී නව සූරාවක් ආරම්භ වී ඇතැයි එතුමාණන් දැන ගනී.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

"බිස්මිල්ලාහ්" යන පදය සූරාවන් අතර වෙන් කරයි. නමුත් සූරා අල්-අන්ෆාල් හා සූරා අත්-තව්බා අතර හැර.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 91) (788).

තවත් බලන්න (3)

شرح سنن أبي داود للعباد (102/ 15).

التنوير شرح الجامع الصغير (8/503).

عون المعبود (2/353).