Skip to content

සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ

අම්ර් ඉබ්නු ආමිර් තුමා, අනස් ඉබ්නු මාලික් තුමා විසින් ලබා මෙසේ වාර්තා කරන ලදී.

සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ. ඔබලා ක්‍රියා කරමින් සිටියේ කෙසේ ද යැයි මම ඇසුවෙමි. ඔහු: අප අතරින් යමෙකු කිලිටි තත්ත්වයට පත් නොවන තාක් කල් වුළූ දෝවනය වලංගු කර ගත්තේය" යැයි පැවසීය.

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ عِنْدَ كُلِّ صَلَاةٍ، قُلْتُ: كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ؟ قَالَ: يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ.

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වුළූ දෝවනය නො බිඳුන ද එතුමාණෝ සෑම අනිවාර්යය සලාතයක් සඳහාම වුළූ දෝවනය කළහ. එය කුසල් හා මහිමය ලබනු පිණිසය. එක් වුළූ දෝවන වාරයකින් එය නොබිඳෙන කල්තාක් අනිවාර්යය සලාත් කිහිපයක්ම ඉටු කිරීමේ අනුමැතිය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ වැඩිම ක්‍රියා වාරයන් වනුයේ සෑම සලාතයක් සඳහාම වුළූ ගැනීමය. එය පරිපූර්ණත්වය අපේක්ෂා කරමිනි.

සෑම සලාතයක් සඳහාම වුළූ ගැනීම සතුටුදායකය.

එක් වුළූ දෝවනයකින් සලාත් ගණනාවක් ඉටු කිරීමේ ඇනුමැතිය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 53) (214).

තවත් බලන්න (2)

شرح ابن بطّال (1/321).

إرشاد الساري لشرح صحيح البخاري (1/ 285).