“මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
«لَو يُعطَى النّاسُ بدَعواهُم لادَّعَى رِجالٌ أموالَ قَومٍ ودِماءَهُم، ولَكِنَّ البَيِّنَةَ على المُدَّعِى، واليَمينَ على مَن أنكَرَ».
කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැතිව මිනිසුන් යමක් ගැන වාද කළ වහාම ඔවුනට එය පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන්ගේ ධනය හා ජීවිත ඉල්ලා (අසාධාරණ ලෙස) වාද කරනු ඇත. එහෙත්, හිමිකම් කියන්නා ඒ සඳහා අවශ්‍ය සාක්ෂි හා සාධක ඉදිරිපත් කළ යුතු බව නබි තුමාණන් පැහැදිලි කළහ. එසේ ඔහුට සාක්ෂි හා සාධක නොවීනම් නඩුව වාද කරනු ලබන්නාට ඉදිරිපත් කරනු ලබන අතර, එවිට ඔහු එය ප්‍රතික්ෂේප කළේ නම් ඔහු දිවුරා ඉන් නිදොස් විය යුතුය.
ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: "මෙම හදීසය නීති මූල ධර්මයන්ගෙන් එක් මූල ධර්මයකි. බොහෝ විට මෙය යොමු කරනු ලබනුයේ ආරවුල් හා එකඟ නොවීමක් පවතින විටය.
ෂරීආ නීතිය පැමිණියේ මිනිසුන්ගේ ධනය හා ඔවුන්ගේ ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට නොව ඔවුන්ගේ ජීවිතයට අතවර නොකර ඒවා ආරක්ෂා කිරීම සඳහාය.
නීතිපතිවරයා තම දැනුම මත තීන්දු නොකළ යුතුය. සැබැවින්ම ඔහු සාක්ෂි හා සාධක දෙස යොමු වී බැලිය යුතුය.
කිසිදු සාක්ෂියකින් තොරව හිමිකම් පාන සෑම කෙනෙකුම ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත. එය අයිතිය සම්බන්ධයෙන් හෝ වේවා ගනුදෙනු සම්බන්ධයෙන් හෝ වේවා එසේත් නැතිනම් විශ්වාසය හා දැනුම සම්බන්ධ ගැටුළුවලදී හෝ වේවා එක සමාන ය.
තවත් බලන්න (6)
السنن الكبرى للبيهقي تحقيق التركي (21/ 242 - 243) (21243).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص76).
شرح الأربعين النووية.
لابن عثيمين (ص328).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
لعبد المحسن البدر (ص114).