Skip to content

අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ ෂුරෙයිහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී:

"අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ.

«وَاللَّهِ لاَ يُؤْمِنُ، وَاللَّهِ لاَ يُؤْمِنُ، وَاللَّهِ لاَ يُؤْمِنُ»، قِيلَ: وَمَنْ يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «الَّذِي لاَ يَأْمَنُ جَارُهُ بَوَايِقَهُ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටියහ. "අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය." යැයි එතුමාණන්ගේ එම දිවුරුම තුන්වරක් පවසා සහතික කළහ. එවිට සහබාවරුන් විසින් "අල්ලාහ්ගේ දූතයාණනි, විශ්වාස නො කරන්නා කවරෙක් ද? යැයි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම වංචාවෙන්, අපරාධයෙන් හා හිංසනයෙන් ආරක්ෂාව නොලබන්නට කටයුතු කරන තැනැත්තාය." යැයි පැවසූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

කවරෙකුගේ අපරාධයෙන් හා හානියෙන් තම අසල්වැසියා ආරක්ෂාව නොලබන්නේ ද එවන් පුද්ගලයා තුළ ඊමාන් හෙවත් දේව විශ්වාසය නැත. එය පෙන්වා දෙනුයේ මහාපාපකම් අතරින් එකක් ලෙසය. ඒ අනුව එය සිදුකරන්නා ඊමානයේ අඩුපාඩු ඇති තැනැත්තකි.

තම අසල්වැසියාට යහපත කිරීමට සහ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ඔහුට හානි කිරීමෙන් වැළකී සිටීමට අවධාරණයෙන් දිරිමත් කිරීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 10) (6016).

තවත් බලන්න (2)

التوضيح لشرح الجامع الصحيح (28/ 321).

النهاية في غريب الحديث والأثر (93).