Skip to content

කවරෙකු තම බිරිය සමග ඇගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදෙන්නේ ද ඔහු ශාප කරනු ලැබූ අයෙකි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"කවරෙකු තම බිරිය සමග ඇගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදෙන්නේ ද ඔහු ශාප කරනු ලැබූ අයෙකි."

«مَلْعُون مَنْ أتَى امرأتَه في دُبُرِها».

මෙය අබූ දාවූද් වාර්තා කර ඇත. තවද අන්නසාඊ අල් කුබ්රාහි සහ අහ්මද් ද වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

"සැමියා තම බිරිය සමග ඇගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යේදීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ කරුණාවෙන් ඉවත් කරනු ලැබූ, ශාප කරනු ලැබූ අයෙකු වේ. සැබැවින්ම එය මහා පාපයන් අතරින් මහා පාපයකි."

හදීසයෙන් උගත හැකි පාඩම්

කාන්තාවන්ගේ ගුද මාර්ගය හරහා සංසර්ගයේ නියැලීම තහනම් කිරීම.

බිරියගේ ගුද මාර්ගය හැර ශරීරයේ සෙසු අවයවයන්හි පහස විදීම අනුමතය.

අල්ලාහ්ගේ නියෝගය පරිදි මුස්ලිම්වරයකු තම බිරිය සමග සංසර්ගයේ නියැලිය යුත්තේ ඇගේ යෝනි මාර්ගය හරහා ය. ගුද මාර්ගයේ සංසර්ගයේ නියැලීම සහජ ධර්මතාව දූෂිත කරන්නක් හා පරම්පරාව විනාශ කරන්නක් වේ. එමෙන්ම සහජ ක්‍රියාවලිටය එය පටහැනි වන අතර ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාටම දැඩි හානිය සිදු කරයි.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (3/ 489) (2162).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (8/ 200) (8966).

මුස්නද් අහ්මද් (15/ 457) (9733).

තවත් බලන්න (8)

نيل الأوطار.

للشوكاني (6/ 237).

سبل السلام.

للصنعاني (2/ 202).

توضِيحُ الأحكَامِ مِن بُلوُغ المَرَام.

للبسام (5/ 346).

فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.

لابن عثيمين (4/ 535).