Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.