Skip to content

අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය

අම්ර් බින් යහ්යා අල්-මාසිනී (රහිමහුල්ලාහ්) විසින් වාර්තා කරන ලදී.

“මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය. ඔහු කුඩා බඳුන ඇල කර තම දෝතට ජලය වක්කර තම දෙඅත් තුන්වරක් සෝදා ගත්තේය. පසු ව කුඩා බඳුන තුළට දෙ අත් දමා දෝතින් තුන්වරක් ජලය ගෙන කට කලත්වා සෝදා පසුව නාසයට ජලය යාමට සලස්වා පිරිසිදු කර ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා දෙඅත් වැළමිට දක්වා දෙවරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දෑත් ඉදිරියෙන් ආරම්භ කර පසුපසට ගෙන ගියේය. පසු ව දෙපා වළලු කර දක්වා සෝදා ගත්තේය.”

شَهِدْتُ عَمْرَو بْنَ أَبِي حَسَنٍ سَأَلَ عَبْدَ اللَّهِ بْنَ زَيْدٍ، عَنْ وُضُوءِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا بِتَوْرٍ مِنْ مَاءٍ، فَتَوَضَّأَ لَهُمْ وُضُوءَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَكْفَأَ عَلَى يَدِهِ مِنَ التَّوْرِ، فَغَسَلَ يَدَيْهِ ثَلاَثًا، ثُمَّ أَدْخَلَ يَدَهُ فِي التَّوْرِ، فَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْثَرَ، ثَلاَثَ غَرَفَاتٍ، ثُمَّ أَدْخَلَ يَدَهُ فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا، ثُمَّ غَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ إِلَى المِرْفَقَيْنِ، ثُمَّ أَدْخَلَ يَدَهُ فَمَسَحَ رَأْسَهُ، فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ مَرَّةً وَاحِدَةً، ثُمَّ غَسَلَ رِجْلَيْهِ إِلَى الكَعْبَيْنِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ කළ ආකාරය අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා ප්‍රයෝගික ක්‍රියාකාරකම් හරහා පැහැදිලි කළේය. එතුමා කුඩා වතුර බඳුනක් ඉල්ලා සිටියේය. පළමුව ඔහුගේ අත් දෙක සෝදමින් ආරම්භ කළේය. ඔහු කුඩා බඳුන ඇල කර තම දෝතට ජලය වක්කර ඒ දෙක බඳුනට පිටතින් තුන්වරක් සෝදා ගත්තේය. පසු ව බඳුන තුළට දෙ අත් දමා දෝතින් තුන්වරක් ජලය ගෙන සෑම අහුරකින්ම කට කලත්වා සෝදා පසුව නාසයට ජලය යාමට සලස්වා පිරිසිදු කර ගත්තේය. පසු ව බඳුනින් ජලය අහුරා ගෙන තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසු ව ඉන් අහුරා ගෙන තම දෑත වැළමිට දක්වා දෙවරක් බැගින් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දෑත් ඉදිරි හිසෙන් ආරම්භ කර පසුපස ගෙල දක්වා ගෙන ගොස් නැවතත් ආරම්භ කළ ස්ථානය දක්වා ගෙන ආවේය. පසු ව දෙපා වළලු කර සමග සෝදා ගත්තේය.

වචනාර්ථ

التور: الإناء الصغير.

හදීසයෙන් උගත හැකි පාඩම්

කරුණු වටහා ගැනීමටත් ගැඹුරු ඥානය ලබන්නටත් ඉතා සමීප මාධ්‍යය ගුරුවරයාගේ හැසිරීම වේ. ඒ අතරින් ප්‍රායෝගි ක්‍රියාකාරකම් හරහා ඉගැන්වීම ද එකකි.

වුළුෑ හි ඇතැම් අවයව තුන්වරක් බැගින් ද තවත් අවයව දෙවරක් බැගින් ද සේදීමේ අනුමැතිය. එක්වරක් සේදීම අනිවාර්යය වේ.

හදීසයේ සඳහන් පරිදි වුළූහි අවයව අතර පිළිවෙළ පවත්වා ගැනීම අනිවාර්යය වේ.

මුහුණෙහි සිමාව දිගින් පොදුවේ හිසකෙස් වැවෙන ස්ථානයේ සිට යටි රැවුල හා නිකට දක්වා පළලින් ද එක් කණ සිට අනෙක් කන දක්වා ද වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 48) (186).

සහීහ් මුස්ලිම් (1/ 210) (235).

තවත් බලන්න (9)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 18).

الإفهام في شرح عمدة الأحكام.

لابن باز (ص72).

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص29).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (1/ 27).

شرح العمدة للسعدي (ص 50).