وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන (මෙන් රඟපාන) අය ද වෙති. එහෙත් ඔවුනට එය නො වැටහෙන පරිදි අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. තවද ඔවුහු සියලු සාධක දුටුවද ඔවුහු ඒවා විශ්වාස නො කරති. නුඹ වෙත ඔවුහු පැමිණි විට නුඹ සමඟ ඔවුහු වාද කරනු ඇත. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති.