6 : 34
وَلَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَىٰهُمۡ نَصۡرُنَاۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ وَلَقَدۡ جَآءَكَ مِن نَّبَإِيْ ٱلۡمُرۡسَلِينَ
නුඹට පෙරද රසූල්වරුන් සැබැවින් ම බොරු කරනු ලැබූහ. එහෙත් අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ හා ඔවුන් හිංසා කරනු ලැබූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද රසූල්වරුන්ගේ තොරතුරු සැබැවින් ම නුඹ වෙත පැමිණ ඇත.