سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ
"අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ද අපගේ මුතුන්මිත්තන් ද ආදේශ නො කරන්නට තිබුණි. තවද කිසිවක් අප තහනම් නො කරන්නට තිබුණි" යැයි ආදේශ කළවුන් මතු පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. එය අපහට දන්වා සිටින ආකාරයෙන් නුඹලා වෙත යම් දැනුමක් තිබේ දැ? යි නුඹ විමසනු. නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස වෙනකක් නො වේ. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නො වෙති.