6 : 140
قَدۡ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوۡلَٰدَهُمۡ سَفَهَۢا بِغَيۡرِ عِلۡمٖ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفۡتِرَآءً عَلَى ٱللَّهِۚ قَدۡ ضَلُّواْ وَمَا كَانُواْ مُهۡتَدِينَ
කිසිදු දැනුමකින් තොරව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින් ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුහු යහමඟ ලද්දන් නො වූහ.