Skip to content
الأنعَام /

වැකිය 91

6 : 91

වැකිය 91 of الأنعَام (6 : 91). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأنعَام වැකි 165
සූරාව · الأنعَام
සිංහල · Mahir
6 : 91

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ

අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නො කළහ. මන්ද "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නො කළේය" යැයි ඔවුහු පැවසූ බැවිනි. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවු දැ?" යි (නබිවරය!) නුඹ අසනු. නුඹලා එය වෙන් වෙන් පත්‍රිකාවන් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කරන අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහු ය. නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ නොදැන සිටි දෑ නුඹලාට (එමඟින්) උගන්වනු ලැබී ය. (නබිවරය! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන්ව අතහැර දමනු.