أَوۡ تَقُولُواْ لَوۡ أَنَّآ أُنزِلَ عَلَيۡنَا ٱلۡكِتَٰبُ لَكُنَّآ أَهۡدَىٰ مِنۡهُمۡۚ فَقَدۡ جَآءَكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞۚ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنۡهَاۗ سَنَجۡزِي ٱلَّذِينَ يَصۡدِفُونَ عَنۡ ءَايَٰتِنَا سُوٓءَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يَصۡدِفُونَ
නැතහොත් සැබැවින් ම අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි නුඹලා නො පවසනු පිණිස ය. එහෙත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය, මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණ ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහත් අපරාධකරුවා කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් අපි ප්‍රතිවිපාක වශයෙන් මතු පිරිනමන්නෙමු.