Skip to content

ප්‍රශ්න අංක 27: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින්ට අප කෙරෙහි ඇති අයිතිය කුමක්ද?

التصنيف الشرعي
العقيدةأهل البيت وفضلهم
الباب / الفصل
قسم العقيدة

السؤال

س27: ما هو حق آل بيت النبي صلى الله عليه وسلم علينا؟

ප්‍රශ්න අංක 27: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින්ට අප කෙරෙහි ඇති අයිතිය කුමක්ද?

الجواب

ج:نحبهم ونتولاهم ونبغض من يبغضهم ولا نغلو فيهم، وهم أزواجه، وذريته، وبنو هاشم، وبنو المطلب من المؤمنين.

قال تعالى:

﴿إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا﴾

[الأحزاب: ٣٣].

وفي الحديث عن النبي صلى الله عليه وسلم قال:

«أذكركم الله في أهل بيتي، أذكركم الله في أهل بيتي، أذكركم الله في أهل بيتي»

رواه مسلم.

පිළිතුර: අපි ඔවුන්ට ආදරය කළ යුතුය, ඔවුන්ගේ (ගරුත්වය) රැක ගත යුතුයි. තවද ඔවුන්ට විරුද්ධ වන අයට (කරුණු පහදා දී) විරුද්ධත්වය පළ කළ යුතුයි. නමුත් ඔවුන් සම්බන්ධයෙන් අන්තයටම නොයා යුතුයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින් යනු එතුමාණන්ගේ භාර්යාවන්, එතුමාගේ දරුවන්, බනු හාෂීම් සහ බනු අල්-මුත්තලිබ් යන අය වන මෙම පවුලේ සාමාජිකයින්ද සිටිති.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

නියත වශයෙන් ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව මුළුමණින් පිවිතුරු කිරීමට ය.

(අල්-අහ්සාබ්: 21)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට සඳහන් වන හදීසයක මෙසේ සඳහන් වේ.

«මම මාගේ නිවැසියන් විෂයෙහි අල්ලාහ්ව මම ඔබට මතක් කර සිටිමි, මම මාගේ නිවැසියන් විෂයෙහි අල්ලාහ්ව මම ඔබට මතක් කර සිටිමි, මම මාගේ නිවැසියන් විෂයෙහි අල්ලාහ්ව මම ඔබට මතක් කර සිටිමි.»

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.