ප්‍රශ්න අංක 10. අත්තව්හීද් හෙවත් ඒකදේවවාදයේ වර්ග මොනවාද?
- الموضوعات
- التوحيد وحمايتهأهمية التوحيد
- التصنيف الشرعي
- العقيدةالإيمان بالله عز وجلتوحيد الربوبيةالعقيدةالإيمان بالله عز وجلتوحيد الألوهيةالعقيدةالإيمان بالله عز وجلتوحيد الأسماء والصفات
- الباب / الفصل
- قسم العقيدة
السؤال
س10: ما أنواع التوحيد؟
ප්‍රශ්න අංක 10. අත්තව්හීද් හෙවත් ඒකදේවවාදයේ වර්ග මොනවාද?
الجواب
ج:1. توحيد الربوبية: وهو الإيمان بأن الله هو الخالق الرازق المالك المدبر، وحده لا شريك له.
- توحيد الألوهية: وهو إفراد الله بالعبادة، فلا يعبد أحد إلا الله تَعَالَى.
- توحيد الأسماء والصفات: وهو الإيمان بالأسماء والصفات لله تَعَالَى الواردة في الكتاب والسنة، من دون تمثيل، ولا تشبيه، ولا تعطيل، ولا تكييف.
ودليل أنواع التوحيد الثلاثة:
قوله تَعَالَى:
﴿رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا﴾
[مريم: 65].
පිළිතුර: 1. අත්තව්හීද් අර්රුබූබියියා- එනම් අල්ලාහ්ගේ ආධිපත්‍යයෙහි ඒකීයභාවය: අල්ලාහ් මැවුම්කරුය, පෝෂණය කරන්නාය, සියල්ලෙහි හිමිකරුය, පාලකයාණන්ය, ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත යනුවෙන් විශ්වාස කිරීමයි.
- තව්හීද් අල්උලූහියියා යනු සියලු වැඳුම් පිඳුම්වලින් අල්ලාහ් ඒකීයත්වයට පත්කිරීමයි. අල්ලාහ් හැර වෙන කිසිවකට හෝ කිසිවෙකුට වන්දනාමානය නොකළ යුතුයි.
- අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් ඒකීයභාවයට පත් කිරීම: එනම් අල්ලාහ්ගේ නාමයන්ට සහ ගුණාංගයන්ට මනඃකල්පිත රූප මැවීමකින්, තවත් වස්තුවකට හෝ කෙනෙකුට සමාන කිරීමෙන්, ව්‍යාජ අර්ථ කථන ලබා දීමෙන් සහ ඒවා කෙසේ ද යන්න විස්තර කිරීමකින් තොරව මෙම නාමයන් සහ ගුණාංගයන් අල්කුර්ආනයේ සහ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීම් තුළ සඳහන් වී තිබෙන ආකාරයට විශ්වාස කිරීම.
තව්හීද් වර්ග තුන සඳහා සාක්ෂි:
- උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය:
(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?
(මර්යම්: 65)