“එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.” යැයි පැවසූහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වල්ලම්) මෙසේ විමසීය. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි සාගරයේ ගමන් කරන්නෙමු. අප සමග අපි උසුලාගෙන යන ජලය සුළු ප්‍රමාණයකි. අප එයින් වුළූ ගත් විටක අපි පිපාසයෙන් පෙළෙන්නෙමු. එබැවින් සාගර ජලයෙන් අපට වුළූ ගත හැකි ද? යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.” යැයි පැවසූහ.
سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللهِ، إِنَّا نَرْكَبُ البَحْرَ، وَنَحْمِلُ مَعَنَا القَلِيلَ مِنَ الْمَاءِ، فَإِنْ تَوَضَّأْنَا بِهِ عَطِشْنَا، أَفَنَتَوَضَّأُ مِنَ الْبَحْرِ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «هُوَ الطَّهُورُ مَاؤُهُ، الحِلُّ مَيْتَتُهُ».
මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වල්ලම්) ගෙන් "සැබැවින්ම අපි මසුන් ඇල්ලීම, ව්‍යාපාරික කටයුතු හා එවැනි වෙනත් අවශ්‍යතා සඳහා සාගරයේ නැව් මත නැගී ගමන් කරන්නෙමු. අප සමග පානීය ජලය රැගෙන යන්නේ සුළු ප්‍රමාණයක් පමණි. පානීය ජලය වුළූ ධෝවනය සඳහා හෝ නෑම සඳහා හෝ යොදා ගත්තේ නම්, එය අවසන් වී යනු ඇත. පසුව අපට බීමට ජලය අහිමි වී යයි. එබැවින් සාගර ජලයෙන් අපට වුළූ කළ හැකි ද?" යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මුහුදු ජලය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ. "එහි ජලය පිරිසිදු වන අතර (වෙනත් දෑ) පිරිසිදු කරනු ඇත. ඉන් වුළූ ගැනීමට හා ස්නානය කිරීමට අවසරය ඇත. මසුන් ඇල්ලීමෙන් තොරව ඉන් මතුපිටට එන මත්සයින් හා මුහුදු ජීවීන් මිය ගිය දෑ වුව ද, ඒවා අනුභව කිරීමට අනුමැතිය ඇත."
මුහුදේ මිය ගිය සතුන් ආහාර සඳහා අනුමත වේ. මෙහි මිය ගිය සතුන් යනුවෙන් අදහස් කරනුයේ, එහි මිය ගිය, එහි හැර වෙනත් තැනක ජීවත්විය නො හැකි මසුන් ය.
පිළිතුරෙන් ලැබෙන ප්‍රෙයා්ජනය සම්පූර්ණ කිරීම සඳහා යමෙකු විමසා සිටින දෑට වඩා වැඩියෙන් ඔහුට පිළිතුරු දීම.
ජලය වනාහි, එහි සුවය හෝ එහි වර්ණය හෝ එහි ගන්ධය හෝ පිරිසිදු යමක් වැටීමෙන් වෙනස් වූ විටෙක, එය සහජයෙන්ම ජලය ලෙසම ඉතිරිව පවතින තාක්කල් එහි පිරිසිදුභාවය රැඳී පවතිනු ඇත. එහි ලුණු ද්‍රාවණය අධික වුව ද එහි රෂ්ණය හෝ සීතල අධික වුව ද එලෙසමය.
මුහුදු ජලය භාවිතයෙන් සුළු හා මහා කිලිටි ඉවත් වනු ඇත. එමෙනන්ම පිරිසිදු ශරීරයක හෝ වස්ත්‍රයක හෝ වෙනත් දැයක තැවරී ඇති අපවිත්‍රය ඉවත් කරනු ඇත.
සුනන් අබූ දාවූද් (1/ 62) (83).
සුනන් අත් තිර්මිදි (1/ 111) (69).
සුනන් අන් නසාඊ (1/ 50) (59).
සුනන් ඉබ්නු මාජහ් (1/ 250) (386).
මුස්නද් අහ්මද් (12/ 171) (7233).
තවත් බලන්න (6)
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (1/ 28).
فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.
لابن عثيمين (1/ 59).
توضيح الأحكام شرح بلوغ المرام.
لعبد الله البسام (1/ 116).