දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනෙහස පෑමෙහි ද ඔවුන් එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විඳින විට අවදිව සිටීමෙන් හා උණ ගැනීමෙන් ශරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරයුම් කරන ශරීරයේ උපමාව මෙනි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනෙහස පෑමෙහි ද ඔවුන් එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විඳින විට අවදිව සිටීමෙන් හා උණ ගැනීමෙන් ශරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරයුම් කරන ශරීරයේ උපමාව මෙනි."
«مَثَلُ الْمُؤْمِنِينَ فِي تَوَادِّهِمْ وَتَرَاحُمِهِمْ وَتَعَاطُفِهِمْ مَثَلُ الْجَسَدِ، إِذَا اشْتَكَى مِنْهُ عُضْوٌ تَدَاعَى لَهُ سَائِرُ الْجَسَدِ بِالسَّهَرِ وَالْحُمَّى».
මුස්ලිම්වරුන් එකිනෙකා අතර අන්‍යෝන්‍යව පෙන්වන යහපත් ආදරය, කරුණාව හා උදව් උපකාරය, ඔවුනට යම් හානියක් ඇති වූ විට වේදනාව දැනීම ශරීරයක උපමාව හා සමාන විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඉන් එක් අයවයක් රෝගාතුර වූ විටෙක මුළු ශරීරයම උණෙන් හා අවදියෙන් තබනු ඇත.
...:
මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතු අතර ඔවුන් එකිනෙකාට සහය වීමටත් කරුණාව පෙන්වීමටත් උනන්දු කළ යුතුය.
ආදරණීය, ත්‍යාගශීලී හා විශ්වාසී ජනයා අතරට තමන් ද පත් විය යුතු ය.
සහීහුුල් බුහාරි (8/ 10) (6011).
සහීහ් මුස්ලිම් (4/ 1999) (2586).
තවත් බලන්න (9)
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 246).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 317).
كنوز رياض الصالحين.
مجموعة من الباحثين (4/ 405).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص173).
المعجم الوسيط (1/ 492).