Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" ඔවුහු: "එසේය" යැයි පැවසූවෝය. එතුමාණෝ : "එකිනෙකා අතර සාමය ඇති කිරීමය. මක්නිසාද යත් එකිනෙකා අතර පවතින සබඳතා පළුඳු කිරීම සැබවින්ම හාලිකා (විනාශය) වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
"සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි. එසේ ඔබ වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වනුයේ: ඔබ ඔහුට නැමදීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම හා ඔබ වෙන්ව නොයා සියලු දෙනා අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමය. ඔබ වෙනුවෙන් ඔහු පිළිකුල් කරනුයේ 'ඕපාදූප කීම, අධික ලෙස ප්‍රශ්න කිරිම හා ධනය නාස්ති කිරීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න. එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීමය. සැබැවින්ම එය ඔහුට කරන උපකාරයයි." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.