සැබැවින්ම අල්ලාහ් තම වගකීම් පිළිපදිනු ලැබීම ප්‍රිය කරන්නාක් මෙන්ම ඔහුගේ සහන පිළිපදිනු ලැබීමත් ප්‍රිය කරයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබැවින්ම අල්ලාහ් තම වගකීම් පිළිපදිනු ලැබීම ප්‍රිය කරන්නාක් මෙන්ම ඔහුගේ සහන පිළිපදිනු ලැබීමත් ප්‍රිය කරයි."
«إِنَّ اللَّهَ يُحِبُّ أَنْ تُؤْتَى رُخَصُهُ، كَمَا يُحِبُّ أَنْ تُؤْتَى عَزَائِمُهُ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: සැබැවින්ම අල්ලාහ් නීතිරීති වල හා නැමදුම්වල ආගමානුගත කළ සහන පිළිපැදීම ප්‍රිය කරන්නේය. වගකීමක් පැවරුණු තැනැත්තකුට එසේ එහි පහසුකම් සළසා ඇත්තේ නිදහසට යම් හේතුවක් ඇති බැවිනි. එය ගමනක දී අසර් සලාතය කෙටි කර හා එකතු කර ඉටු කරන්නාක් මෙනි. එසේම අනිවාර්යය කටයුතු අතරින් ඔහුගේ නියමයන් පිළිපදිනු ලැබීමත් ඔහු ප්‍රිය කරයි. සහන පිළිපැදීම හා වගකීම් ඉටු කිරීම යනාදියෙහි අල්ලාහ්ගේ නියෝගය එකම ස්ථාවරයක පවතී.
...:
අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන කරුණාව. සැබැවින්ම ශුවිසුද්ධයාණන් වන ඔහු ආගමානුගත කරන ලද සහන පිළිපැදීම ප්‍රිය කරයි.
ෂරීආ හෙවත් ආගමික නීතියේ පූර්ණත්වය. මුස්ලිම්වරයාගෙන් අපහසුතාවය ඉවත් කිරීම.
සහීහ් ඉබ්නු හිබ්බාන් (2/ 69) (354).
තවත් බලන්න (2)
فيض القدير (2/292).
نيل الأوطار (3/244).