Skip to content

රාත්‍රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන් වී ඇත

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

රාත්‍රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන් වී ඇත.

ذُكِرَ عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ نَامَ لَيْلَهُ حَتَّى أَصْبَحَ، قَالَ: «ذَاكَ رَجُلٌ بَالَ الشَّيْطَانُ فِي أُذُنَيْهِ، أَوْ قَالَ: فِي أُذُنِهِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

උදෑසන හිරු උදාවන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු නොකර නිදාගත් අයකු සම්බන්ධයෙන් නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "සැබැවින්ම ඔහු වනාහි, ඔහුගේ කන තුළට ෂෙයිතාන් මුත්‍රා කළ අයෙකි" යැයි පවසා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

රාත්‍රියේ නැගිට සලාත් ඉටු නොකර, එය අත්හැර දැමීම පිළිකුල් සහගතය. සැබැවින්ම එය ෂෙයිතාන්ගේ උසි ගැන්වීමකි.

ෂෙයිතාන් පිළිබඳ ප්‍රවේසම් වීම. ඔහු මිනිසා අතර හා සර්වබලධාරී අල්ලාහ්ට අවනත වීම අතර අවහිර කරනු පිණිස ඔහු සෑම මාර්ගයකම රැකගෙන සිටියි.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසා සිටියි: (සලාතය වෙත රාත්‍රියේ නැගී සිටියේ නැත) මින් අදහස් කරන්නේ පොදුවේ සෑම සලාතයක් ම වේ. සමහර විට විශේෂ සලාතයක් හෝ විය හැක. ඒ අනුව එය රාත්‍රී සලාතය හෝ අනිවාර්යය සලාතය එමඟින් අදහස් කෙරේ.

අත්-තීබී තුමා මෙසේ පවසයි: ඇස තද නින්ද අඟවන වඩාත් සමීප අවයවයක් වුව ද මෙහි විශේෂයෙන් කන සඳහන් කර ඇත. සැබැවින්ම කන් වනාහි, අවධානය යොමු කරන ස්ථානවේ. විශේෂයෙන් මෙහි මූත්‍රා සඳහන් කර ඇත්තේ එය වඩාත් පහසුවෙන්ම කුහරවලට පිවිසෙන බැවින් හා වඩාත් වේගයෙන් නහර තුළට විනිවිද යන බැවිනි. එවිට සියලුම අවයව තුළ මැලිකම ඇති වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 122) (3270).

සහීහ් මුස්ලිම් (1/ 537) (774).

තවත් බලන්න (10)

بهجة الناظرين.

لسليم الهلالي (2/ 328).

نزهة المتقين.

لمجموعة من الباحثين (2/ 834).

فتح الباري شرح صحيح البخاري.

لأحمد العسقلاني (3/ 28).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 193).

المنهاج شرح صحيح مسلم بن الحجاج.

النووي (6/ 64).