Skip to content

ප්රශ්න අංක 14. කරුණා ගුණයන්හි ලක්ෂණ මොනවාද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س١٤: ما صور خُلق الرحمة؟

ප්රශ්න අංක 14. කරුණා ගුණයන්හි ලක්ෂණ මොනවාද?

الجواب

ج:- رحمة كبار السن وتوقيرهم.

  • رحمة صغار السن والأطفال.

في الحديث:

«لَيْسَ مِنَّا مَنْ لَمْ يُوَقِّرْ كَبِيرَنَا، وَيَرْحَمْ صَغِيرَنَا»

رواه أحمد.

  • رحمة الفقير والمسكين والمحتاج.
  • رحمة الحيوان بأن تطعمه ولا تؤذيه.

من ذلك قول النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:

«تَرَى المُؤْمِنينَ في تَراحُمِهِم وتَوادِّهِم وتَعاطُفِهِم كمَثَلِ الجَسَدِ، إذا اشتَكَى عُضْوٌ تَداعَى لهُ سائِرُ جَسَدِهِ بالسَّهَرِ والحُمَّى»

متفق عليه.

  • وقال رسولُ اللهِ ﷺ:

«الرَّاحِمونَ يَرحَمُهُمُ الرَّحمنُ، ارْحَمُوا أهْلَ الأَرضِ، يَرحَمُكُمْ مَن في السَّماءِ»

رواه أبو داود والترمذي.

පිළිතුර - වැඩිහිටියන්ට දයාව හා ගෞරවය දැක්වීම

තරුණයින්ට සහ කුඩා වයසේ පසුවන දරුවන්ට කරුණාව දයාව දැක්වීම.

හදීසයේ මෙසේ සඳහන් වේ:

“අපගේ වැඩිහිටියන්ට ගෞරව නොකරන්නා ද අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපෙන් කෙනෙකු නොවන්නේය.”

ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.

දුප්පතුන්, අසරණයන් සහ අවශ්යතා ඇති අය සඳහා කරුණා දයාව දැක්වීම.

සත්ත්වයින්ට හිංසා නොකිරීම සහ ආහාර පාන දී පෝෂණය කිරීමෙන් ආදරය දැක්වීම.

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.

දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා අතර සෙනෙහස පෑමෙහි ද, ඔවුන් එකිනෙකාට කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද, ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විදින විට, ශරීරයේ සෙසු අවයව (එහි බලපෑම නිසා) නින්දට නොයා හා උණ ගැනීමෙන් එයට (ඒ වේදනාවට) හවුල් වන ශරීරයේ උපමාව මෙනි.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත.

කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නා නුඹලාට කරුණා කරනු ඇත.

අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.