Skip to content

මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ

වාඉල් ඉබ්නු හුජ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ.

صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَكَانَ يُسَلِّمُ عَنْ يَمِينِهِ: «السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ»، وَعَنْ شِمَالِهِ: «السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ».

අබූ දාවූද් එය වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සලාතයෙන් බැහැරවීමට අවශ්‍ය නම් තම දකුණු දෙසට හා තම වම් දෙසට සලාම් පවසන්නෙකු වූහ. එහි දී 'අස්සාලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු' යැයි පවසා තම මුහුණ දකුණු දෙසට හරවා පසුව 'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි' යැයි පවසා වම් දෙසට තම මුහුණ හරවනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

සලාතයේ දී සලාම් දෙවතාවක් පැවසීම ආගමානුගත කරන ලද්දකි. සැබැවින්ම එය සලාතයේ මූලිකාංගයක් වේ.

ඇතැම් අවස්ථාවල 'වබරකාතුහු' යන ප්‍රකාශය අමතරව පැවසීම සතුටු දායකය. එසේ පවසන්නට හේතුව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ආකාරයට අඛණ්ඩ ව නොකළ බැවිනි.

සලාතයේ දී සලාම් දෙක පැවසීම අනිවාර්යය මූලිකාංගයකි. ඒ දෙක ප්‍රකාශ කරන අතර සිදු කරන හැරීමේ ක්‍රියාවලිය මුස්තහබ් හෙවත් සතුටු දායක ක්‍රියාවකි.

'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්' යනුවෙන් පැවසිය යුත්තේ හැරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුරුය. එයට පෙර හෝ එයට පසු නොවේ.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 239) (997).

තවත් බලන්න (5)

المجموع شرح المهذب (مع تكملة السبكي والمطيعي) النووي (3/ 479).

المنهاج شرح صحيح مسلم بن الحجاج.

النووي (4/ 153).

توضيح الأحكام شرح بلوغ المرام.

لعبد الله البسام (2/ 291).