“සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
«إنَّ الرُّقَى والتَمائِمَ والتِّوَلَةَ شِرْكٌ».
ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ තැබීමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කර සිටියි. ඒවා අතරින්: පළමුවැන්න: මැතිරීම: දේවත්වයට ආදේශ කිරීම මත පදනම් ව අඥාන ජනයා සුවය පතා ජප කරමින් සිටි ඇතැම් ප්රකාශය. දෙවැන්න: පබළු හා ඒ හා සමාන දැයින් යුක්ත සුරය එල්ලීම: ඇස්වහ දුරු කිරීම සඳහා දරුවන් හා සතුන්ට ඒවා පළන්දවනු ලැබේ. තුන්වැන්න: වශී ගුරුකම්: සැමියා සහ බිරිද යන දෙදෙනා අතර එකකු අනෙකාට ආදරය කිරීම සඳහා සිදු කරනු ලබන්නකි. මෙම කරුණු ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ තබන කරුණු අතුරිනි. මක්නිසාද යත් එය යමක් හේතුවක් කර ගැනීමකි. එය සාක්ෂි මගින් ඔප්පු කරන ලද ආගමික හේතු සාධකයක් හෝ අත්දැකීමෙන් ඔප්පු කරන ලද භෞතික හේතු සාධකයක් නොවන බැවිනි. අල් කුර්ආනය කියවීම වැනි ආගමික හේතු සාධක හෝ අත් දැකීම් තුළින් සහතික වූ ප්රතිකාර ක්රම මෙන් භෞතික හේතු සාධක වනාහි, සැබැවින්ම ඒවා හේතු සාධක වන අතර සැබැවින්ම යහපත හා හානිය අල්ලාහ්ගේ අතෙහි පවතින බවට වූ විශ්වාසය සමග අනුමත කරුණකි.
ඒකදේවවාදය සහ විශ්වාසය බිද දමන දැයින් ඒවා ආරක්ෂා කිරීම.
දෙවියන්ට ආදේශ තබන ආකාරයේ මැතිරීම්, සුර එල්ලීම් හා වශී ගුරුකම් යොදා ගැනීමේ තහනම.
මෙම කරුණු තුන සම්බන්ධයෙන් පුද්ගලයෙක් එය හේතු සාධක වනු ඇතැයි විශ්වාස කිරීම කුඩා ෂිර්ක් (සුළු පරිමාණයේ දේවත්වයට ආදේශ කිරීමක්) වේ. මක්නිසාදයත් හේතු සාධකයක් නැති දෙයකට හේතු සාධකයක් නියම කරන බැවිනි. එසේම එහි පැවැත්මෙන් යහපත ගෙන දෙනු ඇත, හානිය වළක්වනු ඇතැයි විශ්වාස කළේ නම්, එය මහා ෂිර්ක් (මහා පරිමාණයේ දේවත්වයට ආදේශ කිරීමක්) වේ.
තහනම් කරන ලද හා දේවත්වයට ආදේශ තබනු ලබන හේතු සාධකවලින් ප්රවේසම් වීම.
මතුරන ක්රියාවේ තහනම. සැබැවින්ම එය ආගමානුගත කරන ලද්දක් වූවක් මිස, එසේ නැතහොත් එය දේවත්වයට ආදේශ කිරීමක් වන්නේය.
අල්ලාහ් පිළිබඳව පමණක් හදවත් තුළ බැඳීම් ඇති කර ගත යුතුය. ඔහුගෙන් පමණක් යහපත හා හානිය බලපාන බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නැති බවත් විශ්වාස කළ යුතුය. අල්ලාහ්ගෙන් තොරව යහපත ගෙන ඒමට හෝ අල්ලාහ්ගෙන් තොරව හානිය වළක්වන්නට හෝ නොහැක.
අනුමත ලත් මැතිරීමක කොන්දේසි තුනක් ඇතුළත් වෙයි. 1- සැබැවින්ම එය සාධකයක් පමණක් වන අතර අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව සෙත සැලසෙන්නේ නැති බව විශ්වාස කිරීම. 2- එය අල් කුර්ආනය, අල්ලාහ්ගේ නාම, ඔහුගේ ගුණාංග, නබි තුමාණන්ගේ ප්රතිකාර, ආගමානුගත කරන ලද ප්රතිකාර ක්රම යනාදියෙන් විය යුතුය. 3- වැටහෙන භාෂාවකින් විය යුතුය. එහි නොතේරෙන ජප කිරීම් හෝ මන්ත්ර නොවිය යුතුය.
සුනන් අබූ දාවූද් (6/ 31) (3883).
සුනන් ඉබ්නු මාජහ් (4/ 554) (3530).
මුස්නද් අහ්මද් (6/ 110) (3615).
තවත් බලන්න (6)
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص91).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص79).
القول المفيد على كتاب التوحيد.
لابن عثيمين (1/ 180).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- عقيدة التوحيدعقيدة التوحيد وبيان ما يضادها...«إِنَّ الرُّقَى وَالتَّمَائِمَ وَالتِّوَلَةَ شِرْكٌ»[98].
- كتاب التوحيدكتاب التوحيد للشيخ محمد بن عبد الوهاب((إِنَّ الرُّقَى وَالتَّمَائِمَ وَالتِّوَلَةَ شِرْكٌ))
- مادة العقيدة الإسلامية“إن الرقى والتمائم والتولة شرك”
- مختصر نظـرات حول اضطرابات النفس وعلاجها من منظور شرعي(إن الرقى والتمائم والتولة شرك)