Skip to content

“සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්‍යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සල්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්‍යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”

«إِنَّ رَبَّكُمْ حَيِيٌّ كَرِيمٌ، يَسْتَحْيِي مِنْ عَبْدِهِ إِذَا رَفَعَ يَدَيْهِ إِلَيْهِ أَنْ يَرُدَّهُمَا صِفْرًا».

මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

ප්‍රාර්ථනාව අතරවාරයේ තම දෙඅත් එසවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවධාරණය කර ඇත. එමෙන්ම සුවිශුද්ධ අල්ලාහ් ලැජ්ජාශීලී බව ද එතුමාණෝ දන්වා සිටියහ. එනම් අධික ලෙස ඔහු ලැජ්ජාශීලීය. පිරිනැමීම අත් නොහරින අතර ගැත්තා සතුටුවන දෑ සිදු කරයි. ඔහුට හානිදායක දෑ අත් හරී. ඔහු ත්‍යාගශීලීය. කිසිදු ඉල්ලීමකින් තොරව ඔහු පිරිනමයි. එසේ නම් ඉල්ලා සිටි විටෙක එහි පිළිතුරු කෙසේ වනු ඇත් ද! දේවත්වය විශ්වාස කරන මුඃමින් ගැත්තෙක් ප්‍රාර්ථනා කිරීමට ඔහුගේ අත් දෙක එස වූ විට, ඒ දෙක කිසිවක් නොමැතිව හිස් අතින් යැවීමටත් ඔහුගේ පිළිතුරු ගැන කලකිරෙන පරිදි නැවත හරවා යැවීමටක් ඔහු ලැජ්ජා වන්නේය.

හදීසයෙන් උගත හැකි පාඩම්

මිනිසා තම බැගෑපත්භාවය හා නැමදුම උත්තරීතර අල්ලාහ් වෙත ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එය පිළිතුරු ලබන්නට වඩාත් යෝග්‍යය වන අතර වඩාත් සමීප වන්නේය.

ප්‍රාර්ථනා කිරීමට දිරිගැන්වීම, එහි දී අත් දෙක එසවීම සතුටුදායක ක්‍රියාවකි. සැබැවින්ම එය පිළිතුරු ලබන්නට හේතුවකි.

අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන ත්‍යාගශීලීභාවය හා ඔහුගේ කරුණාව.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 609) (1488).

සුනන් අත් තිර්මිදි (5/ 521) (3556).

තවත් බලන්න (6)

توضيح الأحكام من بلوغ المرام.

لعبد الله البسام (7/ 552).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 423).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 483).