Skip to content

'ඔබ අතරින් කිසිවෙකු හෝ ගල්කැට තුනකට වඩා අඩුවෙන් පිරිසිදු නොකළ යුතුයි.'

සල්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

බහුදේවවාදීහු අපට මෙසේ පවසා සිටියහ: "සැබැවින්ම මම ඔබේ සගයාව දකින්නේ, ඔහු මළපහ කිරීම ගැන පවා ඔබලාට උගන්වන අයකු ලෙස ය." එවිට ඔහු: "එසේය, සැබැවින්ම අප අතරින් කිසිවෙකු හෝ තම දකුණතින් පිරිසිදු කිරීම හෝ කිබ්ලාවට මුහුණ ලෑම එතුමාණෝ වැළැක්වූහ. එමෙන්ම ගොම හා අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම ද වැළැක්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ: 'ඔබ අතරින් කිසිවෙකු හෝ ගල්කැට තුනකට වඩා අඩුවෙන් පිරිසිදු නොකළ යුතුයි.'

قَالَ لَنَا الْمُشْرِكُونَ: إِنِّي أَرَى صَاحِبَكُمْ يُعَلِّمُكُمْ حَتَّى يُعَلِّمَكُمُ الْخِرَاءَةَ، فَقَالَ: أَجَلْ، إِنَّهُ نَهَانَا أَنْ يَسْتَنْجِيَ أَحَدُنَا بِيَمِينِهِ، أَوْ يَسْتَقْبِلَ الْقِبْلَةَ، وَنَهَى عَنِ الرَّوْثِ وَالْعِظَامِ وَقَالَ: «لَا يَسْتَنْجِي أَحَدُكُمْ بِدُونِ ثَلَاثَةِ أَحْجَارٍ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: "බහුදේවවාදීහු සමච්චලයට අපට මෙසේ පවසා සිටියහ:" "සැබැවින්ම ඔබේ වක්තෘවරයා ඔබට සෑම දෙයක්ම උගන්වයි. මළ මූත්‍රා කරන ආකාරය පවා ඔබට උගන්වමින් සිටියි." එවිට සල්මාන් තුමා මෙසේ පැවසීය: "ඔව්, අපි මළ මූත්‍රා කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම එතුමාණෝ අපට උගන්වා ඇත. මළ මූත්‍රා කිරීමෙන් පසු තම දකුණතින් පිරිසිදු කිරීම එතුමාණන් අප වළක්වා ඇත. එය දකුණත අපවිත්‍ර දැයින් ආරක්ෂා කිරීමක් හා එයට කරන ගරු කිරීමක් වශයෙනි. එමෙන්ම මළ මූත්‍රා කරන අවස්ථාවේ කිබ්ලාවට මුහුණ ලෑමෙන් ද අප වළක්වා ඇත. තවදුරටත් සත්ව ගොම, සත්ව කොටස් හා අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම ද වළක්වා ඇත. එමෙන්ම පිරිසිදු කිරීමේ දී ගල්කැට තුනකට වඩා අඩු ප්‍රමාණයකින් සීමා නොකර ගත යුතු යැයි ද දන්වා ඇත."

හදීසයෙන් උගත හැකි පාඩම්

මිනිසුන්ට අවශ්‍ය සියලු දෑ සම්බන්ධයෙන් ඉස්ලාමීය පිළිවෙතෙහි දක්නට ඇති පූර්ණ භාවය හා විස්තීරණ භාවය විස්තර කිරීම.

වැසිකිලි යාමේ හා පිරිසිදු කිරීමේ ආචාර ධර්ම කිහිපයක් විස්තර කිරීම.

මළ මූත්‍රා කරන අතරවාරයේ කිබ්ලා දිසාවට මුහුණ ලෑමේ තහනම. එය 'අපව වැළැක්වූහ' යන ප්‍රකාශය මත පදනම් වී ඇත. තහනම් නියෝගයක පදනම උක්ත කරුණ තහනම් වීමය.

ජලයෙන් පිරිසිදු කිරීමේ දී හෝ ගල් කැටවලින් පිරිසිදු කිරීමේ දී දකුණු අත භාවිත කිරීමේ තහනම. එය, එයට කරන ගරු කිරීමක් වශයෙනි.

වමතට වඩා දකුණත මහිමයට පත් කර ඇත. මක්නිසාදයත්, වම් අත භාවිතා කරනු ලබන්නේ අපවිත්‍ර දෑ හා කිලිටි ඉවත් කිරීම සඳහා ය. දකුණත භාවිතා කරනු ලබන්නේ ඒ හැර අනෙකුත් ගරු කටයුතු සඳහා ය.

අපවිත්‍ර දෑ ඉවත් කළ යුත්තේ ජලයෙන් හෝ ගල් කැට වලිනි. එය සුළු වුව ද අධික වුව ද එක සමානය.

ගල් කැට තුනකට වඩා අඩු ප්‍රමාණයකින් පිරිසිදු කිරීමේ තහනම. මක්නිසාදයත් ගල් කැට තුනකට වඩා අඩු ප්‍රමාණයක් භාවිත කිරීමෙන් බොහෝ විට පිරිසිදු වන්නේ නැත.

පිරිසිදු කිරීම, පවිත්‍ර කිරීම සිදු කරන ඔ්නෑම දෙයක් ඒ සඳහා භාවිතා කිරීම අනුමත වන්නේය. මෙහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මූලික වශයෙන් ගල් සඳහන් කර ඇත්තේ, ඒවා බහුලව දක්නට ඇති හෙයිනි.

ගල් කැට ඔත්තේ සංඛ්‍යාවක් භාවිත කිරීම සතුටුදායක වේ. පිරිසිදු කිරීම සඳහා ගල්කැට හතරක් වී නම් පහක් දක්වා එය වැඩි කර ගැනීම සතුටු දායකය. එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇත්තාහ: "කවරෙකු ගල්වලින් පිරිසිදු කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්‍යාවක් භාවිත කරත්වා"

ගොම යොදා ගනිමින් පිරිසිදු කිරීමේ තහනම: මක්නිසාදයත් එය අපිරිසිදුය. එසේ නැතහොත් එය ජින්නුන්ගේ සතුන්ට ආහාරයක් වන බැවිනි.

අස්ථි යොදා ගනිමින් පිරිසිදු කිරීමේ තහනම: මක්නිසාදයත් එය ද අපිරිසිදුය. එසේ නැතහොත් එය ජින්වරුන්ගේම ආහාරයක් වන බැවිනි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 224) (262).

තවත් බලන්න (14)

مشارق الأنوار على صحاح الآثار.

عياض بن موسى اليحصبي السبتي.

معجم اللغة العربية المعاصرة.

أحمد مختار عبد الحميد عمر بمساعدة فريق عمل.

توضيح الأحكام شرح بلوغ المرام.

عبد الله بن عبد الرحمن البسام.

تسهيل الإلمام بفقه الأحاديث من بلوغ المرام.

صالح بن فوزان بن عبد الله الفوزان.

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

محمد بن صالح العثيمين.

منحة العلام في شرح بلوغ المرام.

عبد الله صالح الفوزان.

شرح سنن أبي داود.

عبد المحسن بن حمد بن عبد المحسن العباد.