Skip to content

ප්‍රශ්න අංක 18: අල් බිද්ආ (නව්‍යකරණය) යනු කුමක්ද? එය අප විසින් පිළිගත යුතුද?

التصنيف الشرعي
العقيدةالبدعةحقيقة البدعة
الباب / الفصل
قسم العقيدة

السؤال

س18: ما هي البدعة؟ وهل نقبلها؟

ප්‍රශ්න අංක 18: අල් බිද්ආ (නව්‍යකරණය) යනු කුමක්ද? එය අප විසින් පිළිගත යුතුද?

الجواب

ج:كل ما أحدثه الناس في الدين، ولم يكن على عهد النبي صلى الله عليه وسلم وأصحابه.

  • لا نقبلها، ويجب أن نردها.

لقول النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:

«كل بدعة ضلالة»

رواه أبو داود.

  • وقوله عليه الصلاة والسلام:

«من عمل عملًا ليس عليه أمرنا فهو رد»

رواه مسلم.

مثالها: الزيادة في العبادة، كالزيادة على الوضوء غسلة رابعة، وكالاحتفال بالمولد النبوي، فلم يرد عن النبي صلى الله عليه وسلم وأصحابه.

පිළිතුර - මිනිසුන් ආගම තුළ නව්‍යකරණය කරන සෑම දෙයක්ම සහ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහ සහාබාවරුන්ගේ කාලයේ දක්නට නොලැබුනු ආගමික කරුණු සියල්ල බිද්අත් වේ.

  • ඒවා අප විසින් පිළිගත යුතු නැත; තවද ඒවා හෙළා දැකිය යුතුයි.

මන්ද නබි (අලෙයිහිස් සලාතු වස්සලාම්) තුමාණන් මෙසේ පවසා ඇති හේතුවෙනි.

«සෑම බිද්අතක්ම මුලාවකි»

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක මෙසේ සඳහන් වේ.

«අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි.»

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

උදාහරණයක් ලෙස: වන්දනාමාන කටයුතුවලට අලුතින් යමක් එකතු කිරීම; උදාහරණයක් ලෙස, වුළු හෙවත් අර්ධස්නානය කිරීමේදී අදාල අවයවයන් තුන්වරක් සේදීම වෙනුවට සිව්වතාවක් සේදීම, තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම වැනි කරුණු නැමදුම් ක්‍රියාවක් ලෙස (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන) නවක කරුණු වේ. නමුත් එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මාර්ගයෙන් හෝ එතුමාණන්ගේ සහාබාවරුන්ගේ මාර්ගයෙන් හෝ ප්‍රකාශ වී නැත.