Skip to content

කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ

අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

නිර්භීතව සටන් වදින, ප්‍රදර්ශන නිරීම සඳහා සටන් වදින සහ කුහක කමින් සටන් වදින මිනිසා පිළිබඳව සඳහන් කර, එයින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමක් වනුයේ කවර කරුණක් දැයි? අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ.

سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُقَاتِلُ شَجَاعَةً، وَيُقَاتِلُ حَمِيَّةً، وَيُقَاتِلُ رِيَاءً، أَيُّ ذَلِكَ فِي سَبِيلِ اللهِ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللهِ هِيَ الْعُلْيَا، فَهُوَ فِي سَبِيلِ اللهِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සටන්කරුවන් දෙදෙනෙකුගේ අරමුණුවල ඇති වෙනස ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන් විමසන ලදී. එනම් කවරෙකු නිර්භීතකම හෝ ප්‍රදර්ශන කිරීමට හෝ මිනිසුන් අතර යම් නිලයක් ලබන්නට අපේක්ෂාවෙන් හෝ වෙනත් අරමුණු උදෙසා හෝ සටන් වදින්නේ ද එවැන්නන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ පිහිටනුයේ කවර කරුණක සටන් වදින්නාද? යැයි විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා යනු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස සටන් කරන්නාය" යැයි දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

සිදු කරන ක්‍රියාවන් වලංගු වීමෙහි හා ඒවා දූෂිත වීමෙහි පදනම වනුයේ, නිය්යත් හෙවත් චේතනාව හා අල්ලාහ් වෙනුවෙන් එම ක්‍රියාව අවංක ලෙස පුද කිරීමය.

ජිහාද් කිරීමෙහි අරමුණ අල්ලාහ්ගේ වදන උසස් කිරීම වූ විටක, යුද බිමෙන් අත්පත් කර ගන්නා වස්තු මෙන් ආගමානුගත කළ වෙනත් අරමුණක් ඒ සමග පිහිටියේ නම්, එම චේතනාවේ මූලික හරයට හානියක් වන්නේ නැත.

සතුරන්ගෙන් නිජබිම් ආරක්ෂා කර ගැනීම සහ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙහි මහිම ය.

අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නන් සම්බන්ධයෙන් සඳහන් වී ඇති මහිමය. විශේෂයෙන් උත්තරීතර අල්ලාහ්ගේ වදන් උසස්ම වදන් බවට පත් කිරීම සඳහා සටන් වදින්නා පිළිබඳ සඳහන් වී තිබීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 136) (7458).

සහීහ් මුස්ලිම් (3/ 1513) (1904).

තවත් බලන්න (4)

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص753).

الإعلام بفوائد عمدة الأحكام.

لابن الملقن (10/ 380).