Skip to content

මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය."

«إِنَّ مِنْ شِرَارِ النَّاسِ مَنْ تُدْرِكُهُ السَّاعَةُ وَهُمْ أَحْيَاءٌ، وَمَنْ يَتَّخِذُ الْقُبُورَ مَسَاجِدَ».

අහ්මද් එය වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

මිනිසුන් අතරින් නරකම අය වනුයේ ඔවුන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව පැමිණෙන්නේ ඔවුන් බවත් මිනීවලවල් මස්ජිද් (සලාත් ඉටු කරන ස්ථානය) බවට නියම කර ගනිමින් ඒ අබියස හා ඒ වෙත යාඥා කරන තැනැත්තා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

මිනීවලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම. සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කරන මාධ්‍යයකි.

ගොඩනැගිලි ඉදි නොකළ ද මිනීවලවල් අබියස සලාත් ඉටු කිරීමේ තහනම. ඊට හේතුව මස්ජිද් යනු එහි ගොඩනැගිලි නොතිබුණ ද සිරස බිම තබා යාඥා ඉටු කරන ස්ථානය බව මෙයින් අදහස් කරන ‍බැවිනි.

උත්තරීතර අල්ලාහ් වෙත සමීප වීමේ අරමුණින් වුව ද, ධර්මිශ්ඨයින්ගේ මිනීවලවල් සලාතය සඳහා උපයෝගී කර ගන්නා තැනැත්තා මැවීම් අතර නපුරුම තැනැත්තාය.

මූලාශ්‍ර

මුස්නද් අහ්මද් (6/ 394) (3844).

තවත් බලන්න (6)

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص191).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص176).

أحكام الجنائز.

للألباني (1/ 217).