Skip to content

“ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ධෝවනය කර පසුව සමෙන් සාදන ලද පාවහන් යුගල පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ ගෙනම සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.”

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ධෝවනය කර පසුව සමෙන් සාදන ලද පාවහන් යුගල පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ ගෙනම සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.”

«إِذَا تَوَضَّأَ أَحَدُكُمْ وَلَبِسَ خُفَّيْهِ فَلْيُصَلِّ فِيهِمَا، وَلْيَمْسَحْ عَلَيْهِمَا ثُمَّ لَا يَخْلَعْهُمَا إِنْ شَاءَ إِلَّا مِنْ جَنَابَةٍ».

අද් දාරකුත්නී එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරයකු වුළූ ධෝවනය කිරීමෙන් පසු ඔහුගේ පාවහන් දෙක ඔහු පැළඳ ගත්තේ නම්, ඉන්පසුව ඔහු කිලිටි තත්ත්වයට පත් වූ විටෙක, නැවත වුළූ ධෝවනය කිරීමට ඔහු සිතුවේ නම් ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමැදිය යුතුය. ඒ දෙක පැළඳගෙනම සලාත් ඉටු කළ යුතුය. නියමිත කාලය තුළ ඒ දෙක ගළවා නොදැමිය යුතුය. නමුත් ඔහු අනිවාර්යය ස්නානය කිරීමේ තත්ත්වයක් උදා වූ විටෙක ඒ දෙක ගලවා ස්නානය කළ යුතුය.

හදීසයෙන් උගත හැකි පාඩම්

පූර්ණ පිරිසිදුතාවයකින් පසුව කිසිවකු සමෙන් සාදන ලද පාවහන් දෙක පැළද ගත් විටෙක හැර වෙනත් අවස්ථාවන්හි ඒ දෙක මත පිරිමැදීම ඔහුට අනුමත වන්නේ නැත.

පිරිමැදීමේ කාල පරිච්ඡේදය: පදිංචිකරුවකුට රෑ දහවල් එක් දිනක් හා මගියකුට රෑ දහවල් දින තුනක් ය.

පාවහන් මත පිරිමැදීමේ සහනය අදාළ වනුයේ සුළු කිලිටි අවස්ථාවක මිස මහා කිලිටි අවස්ථාවක නොවේ. මහා කිලිටි අවස්ථාවක ඒ මත මස්හ් කිරීම වලංගු වන්නේ නැත. එවිට ඔහු එම මේස් සපත්තු දෙක ගලවා පාද දෙක ඇතුළුව පිරිසිදු කර ගත යුතුය.

සමෙන් සාදන ලද පාවහන් හෝ එවැනි දෙයක් පැළඳ සලාතය ඉටු කිරීම උචිතය. එය යුදෙව්වන්ගේ සිරිතට පටහැනි වූව කි. නමුත් එය පිරිසිදු තත්ත්වයක විය යුතු අතර සලාත් ඉටු කරන්නන් හට හෝ මස්ජිදයට හෝ උදාහරණයක් ලෙස කාපට් අතුරා ඇති මස්ජිදයක් වැනි තැනකට හානියක් නොවිය යුතුය. එවිට එය පැළඳ සලාතය ඉටු කිරීම සුදුසු නැත.

පාවහන් මත පිරිමැදීම මෙම සමූහයාට පිරිනමන ලද සහනයක් හා පහසුවකි.

මූලාශ්‍ර

සුන්න අද් දාරකුත්නී (1/ 376) (781).

තවත් බලන්න (4)

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (1/ 274).

سبل السلام شرح بلوغ المرام.

للصنعاني (1/ 86).