Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ධෝවනය කර පසුව සමෙන් සාදන ලද පාවහන් යුගල පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ ගෙනම සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.”
පූර්ව සාධක සහිත හදීසයකි. අද් දාරකුත්නී එය වාර්තා කර ඇත.
මම සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී තුමා වෙත පැමිණියෙමි. මම ඔහුගෙන් පා උර දෙක මත පිරිමැදීම ගැන විමසා සිටියෙමි. එවිට ඒතුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට මම '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන තැනැත්තාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑ ගැන තෘප්තියට පත්වන බැවිනි.' යැයි පැවසීය. එවිට මම 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතරින් කෙනෙකු වූ බැවින්, මම ඔබ වෙත පැමිණියේ ඒ ගැන විමසන්නටය. ඒ ගැන එතුමාණන් යමක් සඳහන් කරනවා ඔබ අසා තිබේද?’ යැයි ඇසුවෙමි. එතුමා: 'එසේය අපි ගමනක නිරතව සිටිය දී -අපි මගීන් ලෙස සිටිය දී- දින තුනක් හා රාත්‍රී තුනක් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන කටයුත්තක දී හැර අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම යනාදියෙහි එය පිළිපැදිය යුතු වේ. යැයි කීහ. 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. එතුමා: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා ඔ් මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ හා සමාන හඬකින් ඔහු අමතා 'අහෝ එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ‘ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරිපිටය. එබැවින් ඔබේ හඬ පහත් කරන්න, මෙය ඔබට තහනම් කර ඇත්තකි.' යැයි පැවසුවෙමු. ඔහු: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘මිනිසෙකු ජනතාවකට ආදරය කරයි, නමුත් ඔහු ඔවුන් සමඟ එකතූ වන්නේ නැත.?’ යැයි විමසීය. එතුමාණෝ: "මිනිසෙකු විනිශ්චය දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. ඔහු: 'අස්වයෙකු මතවී, එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි පළලකින් යුත් බටහිර දෙසින් පිහිටා ඇති දොරටුවක් ගැන අපට සඳහන් කරමින්ම සිටියේය.'
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමි. පිරිසකගේ කසල ගොඩක් වෙත ගිය එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළහ. මම දුරස්වන්නට බැලුවෙමි. එවිට එතුමා තමන් වෙත ළං වන මෙන් පවසා සිටියහ. පසුව මම එතුමාණන්ගේ විළුඹු දෙක අසළ සිට ගන්නා තරමටම සමීප වූයෙමි. පසුව එතුමාණෝ වූළු ධෝවනය කර, (එහි දී) එතුමාණන්ගේ පා ආවරණ දෙක මත එතුමාණෝ (ජලයෙන්) පිරිමැද්දාහ.“
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ජරීර් තුමා මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාගේ හම් සපත්තු දෙක මත මස්හ් කළේය. එවිට ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි දැයි විමසන ලදී. එවිට එතුමා: එසේය, අල්ලාහ්ගේ දූතයාණන් මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි. ඉබ්‍රාහීම් තුමා ප්‍රකාශ කළ බව අල්මෂ් තුමා මෙසේ පවසයි: මෙම හදීසය ඔවුන් මවිතට පත් කළේය. මක්නිසාදයත් ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.