අල්ලාහ් තහනම් කර ඇති මෙම අපිරිසිදුකමින් ඔබ වැළකී සිටින්න. එහෙයින් කවරෙකු මෙම දේවල් සිදු කළේ ද අල්ලාහ්ගේ ආවරණයෙන් ඔහු සඟවා ගත යුතු අතර අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. කවරෙකු තම පාපය අපට හෙළි කරන්නේ ද අපි ඔහු වෙත සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය ක්‍රියාත්මක කරන්නෙමු
අල්-අස්ලමී තුමාට ගල් ගැසීමේ දඬුවම ක්‍රියාත්මක කළ පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නැගිට මෙසේ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී:
"අල්ලාහ් තහනම් කර ඇති මෙම අපිරිසිදුකමින් ඔබ වැළකී සිටින්න. එහෙයින් කවරෙකු මෙම දේවල් සිදු කළේ ද අල්ලාහ්ගේ ආවරණයෙන් ඔහු සඟවා ගත යුතු අතර අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. කවරෙකු තම පාපය අපට හෙළි කරන්නේ ද අපි ඔහු වෙත සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය ක්‍රියාත්මක කරන්නෙමු."
«اجْتَنِبُوا هَذِهِ الْقَاذُورَةَ الَّتِي نَهَى اللَّهُ عَنْهَا فَمَنْ أَلَمَّ فَلْيَسْتَتِرْ بِسِتْرِ اللَّهِ وَلْيُتُبْ إِلَى اللَّهِ، فَإِنَّهُ مَنْ يُبْدِ لْنَا صَفْحَتَهُ نُقِمْ عَلَيْهِ كِتَابَ اللَّهِ عز وجل».
මාඉද් ඉබ්නු මාලික් අල්-අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා වෙත, කාමයේ වරදවා හැසිරීමේ වරදට ගල් ගැසීමේ දඬුවම ක්‍රියාත්මක කළ පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නැගී සිට මිනිසුනට දේශනාවක් කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූහ: මේ කිලිටි දැයින් හා අල්ලාහ් තහනම් කර ඇති පාපී ක්‍රියා අතරින් පිළිකුල් සහගත හා හෙළා දුටු දැයින් ඔබ වැළකී සිටින්න. කවරුන් හෝ ඒවායින් කිසිවක් සිදු කළේ ද, එහි වැටුනේ ද ඔහුට කරුණු දෙකක් අනිවාර්යය වනු ඇත. පළමු වැන්න: අල්ලාහ් එය සඟවා ඇති අයුරින් සඟවා තම පාපය ගැන දන්වා නොසිටීම. දෙවැන්න: එහි අඛණ්ඩව නිරත නොවී, පාපක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් වෙත යොමු වීමට යුහුසුළු වීම. කවරෙකු ඔහුගේ පාපය අපට හෙළි කළේ ද එම පාපය සඳහා සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය තුළ සඳහන්ව පවතින දණ්ඩ නීතිය අපි ඔහු කෙරෙහි ක්‍රියාත්මක කරන්නෙමු.
වැරදි කළ තැනැත්තා තම පාපය වසා ගැනීමට හා සිදු වූ පාපය සඳහා තමන් හා තම පරමාධිපති අතර පශ්චාත්තාප වී සමාව අයැද සිටීමට උනන්දු කරවීම.
කටයුතු භාර උදවිය වෙත දණ්ඩ නීතියට අදාළ දඬුවමක් ගැන පුවතක් ළඟා වූ විට, ඔවුන් විසින් එම දඬුවම ක්‍රියාත්මක කළ යුතු වේ.
පාපකම්වලින් වැළකී, ඒ සඳහා පාපක්ෂමාවෙහි නිරත විය යුතුය.
අල්බයිහකී තුමාගේ අස්සුනන් අල්කුබ්රා (8/ 572).
තවත් බලන්න (8)
المستدرك على الصحيحين للحاكم (4/ 272) (7615).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (8/ 435).
فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.
لابن عثيمين (5/ 370).
توضِيحُ الأحكَامِ مِن بُلوُغ المَرَام.
للبسام (6/ 249).
شرح الزرقاني على موطأ الإمام مالك (4/ 235).