Skip to content

එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග හිජ්ර් දේශය හරහා ඇවිඳ ගියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප හට මෙසේ පැවසූහ":

"එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස. ඔවුනට අත් වූ දෑ මෙන් යමක් ඔබට ද අත්වීම ගැන පරිස්සම් වන්න." පසුව අනතුරු අඟවමින් එය පසුකර යන තෙක් ඉක්මණින් ගමන් ගත්හ."

«لَا تَدْخُلُوا مَسَاكِنَ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ، إِلَّا أَنْ تَكُونُوا بَاكِينَ؛ حَذَرًا أَنْ يُصِيبَكُمْ مِثْلُ مَا أَصَابَهُمْ» ثُمَّ زَجَرَ فَأَسْرَعَ حَتَّى خَلَّفَهَا.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමූද් වාසස්ථාන අතරින් ගමන් ගත් කල්හි අපරාධ සිදු කර, තමන්ටම අපරාධ සිදු කර ගත් ඒ හේතුවෙන් දඬුවමට ලක් වූ අයගේ වාසස්ථාන වෙත පිවිසීමෙන් වැළැක්වූහ. නමුත් ඔවුන් ගැන පාඩම් ලබා, හඬා වැළපෙන්නෙකු ලෙස පිවිසෙනවානම් මිස. එය ඔවුනට අත් වූ දඬුවම තමන්ට ද අත්විය හැකැයි යන බියෙනි. පසුව එතුමාණන් නැග ආ සත්වයාට මෙල්ල කර එය පසු කර යන තෙක් වේගයෙන් ගමන් ගත්හ.

හදීසයෙන් උගත හැකි පාඩම්

සර්වබලධාරී අල්ලාහ් විනාශ කර දැමූ අයගේ තත්ත්වයන් ගැන සිතා බැලීම ඔවුන් කවර කරුණක වැටුනේ ද ඒ ගැන ප්‍රවේසම් වීම හා අල් කුර්ආනිය වැකි පරිශීලනය කිරීම සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීම ගැන ප්‍රවේසම් වීම.

දඬුවමට ලක් වූ ඔවුන්ගේ වාසස්ථානවල ඔවුන්ගෙන් පසු කිසිවකු වාසය කර නැති අතර එය දේශයක් ලෙස ගෙන ද නැත. ඊට හේතුව එහි වෙසෙන පුරවැසියෙකුට අඛණ්ඩව හඬමින් ජීවත් වීමට නොහැකි බැවිනි. මෙම තත්ත්වය තුළ හැර එහි පිවිසීම තහනම් කරනු ලැබ ඇත.

නවවි තුමා මෙසේ පවසයි: "අපරාධකරුවන්ගේ වාසස්ථාන හා විනාශ වී ගිය ස්ථාන අතරින් ගමන් ගන්නා විට, ඒ ගැන සැලකිලිමත් වීම ගැන මෙහිදී උනන්දු කරවා ඇති අතර මුහස්සිර් මිටියාවත අතරින් වේගයන් ගමන් කරන මෙන් අවධාරණය කර ඇත. මක්නිසාද යත් ඇත් සේනාව විනාශ කරනු ලැබුවේ එම ස්ථානයේදීය. එබැවින්, මෙවන් ස්ථාන හරහා ගමන් ගන්නා, තම අවධානය යොමු කළ යුතුය. බිය විය යුතුය. හඬා වැළපිය යුතුය. ඔවුන් ගැනත් ඔවුන්ගේ අරගල ගැනත් අවධානය යොමු කළ යුතුය. එවන් දැයින් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!"

මෙම තහනම හා අවවාදය සමූද් වාසස්ථාන මෙන්ම ඒ අර්ථයෙන්ම දඬුවම පහළ වූ සෙසු සමූහයාගේ වාසස්ථාන ද ආවරණය කරයි.

සංචාරක, විනෝද චාරිකා සහ වෙනත් දේ සඳහා මෙම ස්ථාන සහ වාසස්ථාන භාවිතා කිරීම තහනම්ය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 149) (3380).

සහීහ් මුස්ලිම් (4/ 2286) (2980).

තවත් බලන්න (3)

النهاية في غريب الحديث والأثر (187) (395).

إرشاد الساري لشرح صحيح البخاري (6/ 458) (5/ 368).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (45/ 169).