දිරාපත් වී යන ඇඳුමක් දිරාපත් වී යනවාක් මෙන් ඊමාන් හෙවත් විශ්වාසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිරාපත් වී යු ඇත. එබැවින් ඔබේ හදවත් තුළ දේව විශ්වාසය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"දිරාපත් වී යන ඇඳුමක් දිරාපත් වී යනවාක් මෙන් ඊමාන් හෙවත් විශ්වාසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිරාපත් වී යු ඇත. එබැවින් ඔබේ හදවත් තුළ දේව විශ්වාසය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න."
«إِنَّ الْإِيمَانَ لَيَخْلَقُ فِي جَوْفِ أَحَدِكُمْ كَمَا يَخْلَقُ الثَّوْبُ الْخَلِقُ، فَاسْأَلُوا اللَّهَ أَنْ يُجَدِّدَ الْإِيمَانَ فِي قُلُوبِكُمْ».
අලුත් ඇදුමක් දිගු කලක් භාවිත කිරීමෙන් දිරාපත් වී යන්නාක් මෙන් සැබැවින්ම ඊමාන් හෙවත් විශ්වාසය මුස්ලිම්වරයාගේ හදවත තුළ දිරා පත් වී යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට දන්වා සිටියහ. මෙයට හේතුව නැමදුම්හි දක්වන උදාසීනත්වය හෝ පාපකම් සිදු කිරීම සහ තෘෂ්ණාවෙහි ගිලී යාමය. අනිවාර්ය නැමදුම් ඉටු කිරීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම හා පාපක්ෂමාවෙහි නිරත වීම යනාදිය තුළින් අපගේ විශ්වාසය අලුත් කර දෙන මෙන් අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට මඟ පෙන්වූහ.
...:
හදවත තුළ දේව විශ්වාසය ස්ථාවර කරන මෙන් හා එය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමට උනන්දු කරවීම.
ඊමාන් යනු ප්‍රකාශයක් ක්‍රියාවක් හා අධීෂ්ඨානයකි. අවනත වීම හේතුවෙන් එය වැඩි වන අතර පාපකම් හේතුවෙන් එය හීන වී යනු ඇත.
තවත් බලන්න (7)
المستدرك على الصحيحين للحاكم (1/ 45) (5).
المعجم الكبير للطبراني (13/ 36) (84).
النهاية في غريب الحديث والأثر.
ص(282).
النهاية (1/316).
فيض القدير (2/323).
التنوير شرح الجامع الصغير (3/434).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الأول)«إِنَّ الإِيمَانَ لَيَخْلُقُ فِي جَوْفِ أَحَدِكُمْ كَمَا يَخْلُقُ الثَّوْبُ؛ فَاسْأَلُوا اللَّهَ أَنْ يُجَدِّدَ الإِيمَانَ فِي قُلُوبِكُمْ»
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الأول)«إِنَّ الإِيمَانَ لَيَخْلُقُ فِي جَوْفِ أَحَدِكُمْ كَمَا يَخْلُقُ الثَّوْبُ؛ فَاسْأَلُوا اللهَ أَنْ يُجَدِّدَ الإِيمَانَ فِي قُلُوبِكُمْ»