සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ.
أَنَّ رَجُلًا أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَكَلَّمَهُ فِي بَعْضِ الْأَمْرِ، فَقَالَ: مَا شَاءَ اللهُ وَشِئْتَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَجَعَلْتَنِي لِلَّهِ عَدْلًا؟ قُلْ: مَا شَاءَ اللهُ وَحْدَهُ».
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. පසු ව ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එම ප්‍රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දැක, අල්ලාහ්ගේ අභිමතය මැවීම්වල අභිමතය හා 'වාව්' (සහ) යන නිපාත පදය යොදා සම්බන්ධ කිරීම කුඩා ෂිර්ක් ගණයට අයත් කරුණක් බව දන්වා සිටියහ. එලෙස මුස්ලිම්වරයකු ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැත. පසුව "මා ෂා අල්ලාහ් වහ්දහූ" (අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණක්) යන නියම ප්‍රකාශය වෙත එතුමාණෝ මඟ පෙන්වූහ. එහිදී අල්ලාහ්ගේ අභිමතය වෙන් කළේය. සම්බන්ධ කරන කවර වර්ගයක පදයකින් හෝ එම අභිමතය සම්බන්ධ කළේ නැත.
...:
"මාෂා අල්ලාහු වෂිඃත" (අල්ලාහ්ගේ අභිමතය හා ඔබේ අභිමතය පරිදි) යැයි පැවසීමේ හෝ අල්ලාහ්ගේ අභිමතය මත ගැත්තාගේ අභිමතය සම්බන්ධ කරන ඒ හා සමාන වෙනත් වදන් ප්‍රකාශ කිරීමේ තහනම.
පිළිකුල් සහගත දෑ හෙළා දැකිය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒකදේවවාදයේ උණුසුම ආරක්ෂා කර බහුදේවවාදයේ මාර්ග අවහිර කළහ.
පිළිකුල් සහගත දෑ හෙළා දකින විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරමින්, අවසර ලත් විකල්පයකට එසේ කැඳවුම කරනු ලබන්නා යොමු කිරීම හොඳය.
මෙම හදීසයේ සඳහන් 'මාෂා අල්ලාහු වහ්දහූ' (අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණක්) යන ප්‍රකාශය හා තවත් හදීසයක සඳහන් ඔබ 'මාෂා අල්ලාහු සුම්ම ෂිඃත' (අල්ලාහ්ගේ අභිමතය පරිදි පසුව ඔබේ අභිමතය පරිදි) යනුවෙන් පවසනු යන ප්‍රකාශ දෙක එකට සසදා බලන කල, 'මාෂා අල්ලාහු සුම්ම ෂිඃත' (අල්ලාහ්ගේ අභිමතය පරිදි පසුව ඔබේ අභිමතය පරිදි) යනුවෙන් පුද්ගලයකු කරන ප්‍රකාශය අනුමත වුව ද, වඩාත් උතුම් වන්නේ 'මාෂා අල්ලාහු වහ්දහූ' (අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණක්) යන ප්‍රකාශය වන බවයි.
ඔබ 'මාෂා අල්ලාහු සුම්ම ෂිඃත' (අල්ලාහ්ගේ අභිමතය පරිදි, පසු ව ඔබේ අභිමතය පරිදි) යනුවෙන් ප්‍රකාශ කිරීම අනුමත ප්‍රකාශයක් වන නමුත් වඩාත් උතුම් වන්නේ 'මාෂා අල්ලාහු වහ්දහූ' (අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණක්) යනුවෙන් ඔබ පැවසීමය.
අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (9/ 362) (10759).
සුනන් ඉබ්නු මාජහ් (3/ 252) (2117).
මුස්නද් අහ්මද් (5/ 297) (3247).
තවත් බලන්න (6)
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص373).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص335).
القول المفيد على كتاب التوحيد.
لابن عثيمين (2/ 230).