සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."
«إِنَّ اللهَ يَغَارُ، وَإِنَّ الْمُؤْمِنَ يَغَارُ، وَغَيْرَةُ اللهِ أَنْ يَأْتِيَ الْمُؤْمِنُ مَا حَرَّمَ عَلَيْهِ».
දේවත්වය විශ්වාස කරන්නා කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරයි. එලෙසම අල්ලාහ් ද කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරන්නේය. අල්ලාගේ කෝපයට හේතුව, දේවත්වය විශ්වාස කළ අයට අල්ලාහ් තහනම් කළ කාමමිථ්‍යාචාරය, අනාචාරය, සොරකම, මත්පැන් පානය සහ වෙනත් දුරාචාර ක්‍රියාවන් ඔහු විසින් සිදු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කළ විට, ඔහුගේ කෝපයට හා ඔහුගේ දඬුවමට ලක්වීමෙන් ප්‍රවේසම් වීම.
සහීහුුල් බුහාරි (7/ 35) (5223).
සහීහ් මුස්ලිම් (4/ 2114) (2761).
තවත් බලන්න (8)
تطريز رياض الصالحين.
لفيصل المبارك (ص62).
شرح رياض الصالحين.
لابن عثيمين (1/ 496).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 96).
صفات الله عز وجل الواردة في الكتاب والسنة.
لعلوي السَّقَّاف (ص267).