Skip to content

“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”

«لَوْلَا أَنْ أَشُقَّ عَلَى الْمُؤْمِنِينَ -أَوْ: عَلَى أُمَّتِي- لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ عِنْدَ كُلِّ صَلَاةٍ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

තම ප්‍රජාව අතර දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට දුෂ්කර කාර්යයක් වනු ඇතැයි තමන් බිය නොවී නම්, සෑම සලාත් වාරයකම සිවාක් මගින් දත් මැද කට පිරිසිදු කරන මෙන් ඔවුනට නියෝග කර සිටින බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තම ප්‍රජාව කෙරෙහි තිබූ කරුණාව, ඔවුනට දුෂ්කරතා ඇතිවනු ඇතැයි එතුමාණන් තුළ තිබූ බිය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යම් නියෝගයක් නිකුත් කළේ නම් එය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. එහෙත් එය අනිවාර්ය නොවන බවට යම් සාධකයක් තිබුණේ නම් මිස.

දත් මැද පිරිසිදු කිරීම සතුටු දායක වන අතර, සෑම සලාතයක් සඳහාම එසේ සිදු කිරීම උතුම් කටයුත්තකි.

ඉබ්නු දකීක් අල් ඊද් තුමා මෙසේ පවසයි: සලාතය සඳහා නැගිට සිටින අවස්ථාවේ දත් පිරිසිදු කිරීම සතුටු දායක වීමේ ප්‍රඥාව නම්, එය අල්ලාහ් වෙත සමීප වන අවස්ථාවක් වන බැවිනි. එබැවින් නැමදුමට කරන ගෞරවයක් ලෙස පූර්ණ පිරිසිදු භාවයකින් යුතුව පෙනී සිටිය යුතු වේ.

උපවාසය රකිනකු පවා, දහවල් කාලයෙන් පසු වුව ද ලුහර් හා අසර් සලාතය වැනි සලාත් සඳහා දත් මැද පිරිසිදු කිරීම සතුටු දායක බව මෙම හදීසයේ ඇතුළත් පොදු අදහසින් පෙන්වා දෙයි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 220) (252).

සහීහුුල් බුහාරි (2/ 4) (887).

තවත් බලන්න (4)

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص46).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (1/ 50).