4 : 163
۞ إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا
සැබැවින් ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින් ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර්ම ග්‍රන්ථය) පිරිනැමුවෙමු.